Image Not Found

A Minecraft Movie (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මුලින්ම කියන්න ඕන, මේක අධ්‍යක්ෂණය කරන්නේ ජැරඩ් හෙස් (Jared Hess). ප්‍රධාන නළු නිළියන් විදිහට ජේසන් මොමෝවා (Aquaman) සහ ජැක් බ්ලැක් (Kung Fu Panda වල පො) ඉන්නවා. ඒ වගේම ‘Wednesday’ වල හිටපු එමා මයර්ස් සහ තවත් කිහිප දෙනෙක් රංගනයෙන් දායක වෙනවා.

කතාව පටන් ගන්නේ අපේ මේ සාමාන්‍ය ලෝකෙන්. එකිනෙකාට කිසිම සම්බන්ධයක් නැති, තමන්ගේම ප්‍රශ්න එක්ක ජීවිතේ ගෙවන හතර දෙනෙක් ඉන්නවා—ඒ තමයි ගැරට් (මොමෝවා), හෙන්රි, නැටලි (මයර්ස්) සහ ඩෝන්.

ඔන්න දවසක්, මේ හතර දෙනා හිතුවෙවත් නැති විදිහට අභිරහස් දොරටුවක් (portal) හරහා සම්පූර්ණයෙන්ම වෙනස් ලෝකෙකට ඇදිලා යනවා.

මේ ඇවිල්ලා තියෙන්නේ ‘Overworld’ එකට. ඒ කියන්නේ Minecraft ගේම් එකේ තියෙන අර හතරැස් කියුබ් වලින් හැදිච්ච, හිතන පතන ඕනම දෙයක් හදන්න (craft කරන්න) පුළුවන් අමුතුම ලෝකෙට.

හැබැයි ප්‍රශ්නේ කියන්නේ, ආපහු තමන්ගේ ලෝකෙට යන්නේ කොහොමද කියන එක. ඒක කොහෙත්ම ලේසි වෙන්නේ නෑ. මොකද රෑ බෝ වුණාම Zombiesලා, Piglinsලා වගේ භයානක සත්තු එළියට බහිනවා. මේ ලෝකේ බේරිලා ඉන්න නම්, මෙයාලටත් දේවල් ‘craft’ කරන්න ඉගෙන ගන්නම වෙනවා.

ඔය අතරේදී තමයි මෙයාලට එතන ඉන්න සුපිරිම දක්ෂ ‘crafter’ කෙනෙක්ව හම්බවෙන්නේ. එයා තමයි ‘ස්ටීව්’ (ජැක් බ්ලැක්). ඉතින්, ස්ටීව්ගේ උදව්වෙන් මේ හතර දෙනාට ආපහු ගෙදර යන්න පුළුවන් වෙයිද? එයාලට මේ අමුතු ලෝකෙන් බේරිලා එන්න ලැබෙයිද? ඒක දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.