
(Across the Universe 2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ඒ කාලේ හැටේ දශකයේ (1960s) කතාවක්! ජූඩ් කියන තරුණයා ලිවර්පූල් වල ඉඳන් ඇමරිකාවට එන්නේ එයාගේ තාත්තා හොයාගෙන.
එතනදි, එයාට මැක්ස් හම්බවෙනවා, මැක්ස් කියන්නේ සල්ලි තියෙන පවුලක කැරලිකාර කොල්ලෙක්. ඊට පස්සේ මැක්ස්ගේ නංගි ලුසීව හම්බවෙනවා. එයාලා අතර ආදර කතාවක් පටන් ගන්නවා.
මේ තුන්දෙනා නිව්යෝර්ක් වල බෝහීමියානු වාතාවරණයකට යනවා. එතකොට තමයි රට පුරා විශාල වෙනස්කම් ඇතිවෙන්නේ. වියට්නාම් යුද්ධය, මහා පරිමාණ විරෝධතා, මත්ද්‍රව්‍ය සංස්කෘතිය සහ සංගීතය මේ හැමදේටම එයාලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
කතාව ඉදිරියට යද්දී, එයාලගේ මිත්‍රත්වය සහ ආදරය නොයෙක් අභියෝග වලට ලක්වෙනවා. යුද්ධය, දේශපාලනික අදහස් වල වෙනස්කම් සහ කැරලිකාරීත්වය නිසා මේ තරුණයෝ කොච්චර දුරකට වෙන්වෙයිද?
‘බීට්ල්ස්’ (The Beatles) ගීත 30කට අධික ප්‍රමාණයකින් හැඩවුණු සංගීතමය ආදර කතාවක් මේක! හැමෝටම එයාලගේම “නිදහස” කියන දේ හොයාගන්න පුළුවන් වෙයිද? බලලම දැනගමු!
