Image Not Found

Basic (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි

කතාව පටන් ගන්නේ පැනමා වනාන්තරයේදී ඇමරිකානු රේන්ජර්ස් (Rangers)ලාගේ පුහුණු මෙහෙයුමක් දරුණු විදිහට වැරදිලා ගියාට පස්සේ. ඒකේ ඉඳලා ආපහු ආවේ පුහුණුකරු මාස්ටර් සාජන්ට් වෙස්ට් (Master Sergeant West) ඇතුළු කණ්ඩායමේ හත් දෙනාගෙන් දෙන්නෙක් විතරයි. අනිත් අය අතුරුදහන් වෙලා නැත්නම් මැරිලා.
කවුරු කාටද වෙඩි තිබ්බේ? ඇයි මේක වුණේ?

මේ සිද්ධිය හොයන්න එන්නේ ඩී.ඊ.ඒ. ඒජන්ට් කෙනෙක් වෙන ටොම් හාඩි (Tom Hardy). මිනිහා කලින් රේන්ජර් කෙනෙක්, ඒ වගේම දක්ෂ ප්‍රශ්න අහන කෙනෙක්.
මේ දිවි ගලවා ගත්ත දෙන්නා කියන කතා දෙකක්. ඒ කතා දෙකම මුලින් අගට වෙනස්. හැබැයි එක දෙයක් නම් පොදුයි, ඒ තමයි හැමෝගෙම වෛරය දිනාගෙන හිටපු සාජන්ට් වෙස්ට්ව මරලා තියෙනවා කියන එක.

හාඩි මේ කතා දෙක ඇතුළේ තියෙන පුංචිම හෝඩුවාවල් ගළපලා සත්‍යය එළියට ගන්න හදනවා. හැබැයි එයා හිතනවාට වඩා මේක පිටිපස්සේ ලොකු රහසක් සැඟවිලා තියෙනවා.
ඇත්තටම සිද්ධ වුණේ මොකක්ද? මේ කතාවල ඇත්ත තියෙන්නේ කොතනද? සාජන්ට් වෙස්ට්ව මැරුවේ කවුද? එහෙමත් නැත්නම්… වෙස්ට් ඇත්තටම මැරුණාද?
පිළිතුර දැනගන්න නම් ඔයාට මේ විශාල පෙරළි ටික ඉවසීමෙන් බලන්න වෙනවා!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.