Image Not Found

Chocolate (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ටයිලන්ඩ්වල ඉන්නවා සෙන් කියලා කෙල්ලෙක්. එයා පොඩි කාලේ ඉඳන්ම වෙනස්, පොඩි ස්නායු දුර්වලතාවක් (autism) තියෙනවා. හැබැයි, ටීවී එකේ යන මාෂල් ආට්ස් චිත්‍රපට දිහා බලලා, එයාට නොදැනීම සටන් කලාව පුදුම විදිහට පුරුදු වෙනවා. එයාට තියෙනවා අමුතුම හැකියාවක්, එයාට පුළුවන් අනිත් අය කරන සටන් විලාසයන් එහෙම් පිටින්ම අනුකරණය කරන්න.

සෙන්ගේ අම්මා, සින්, ඉස්සර නම්බර් 8 කියලා දරුණු ගැන්ග්ස්ටර් කෙනෙක්ගේ ණය එකතු කරන වැඩේ කළ කෙනෙක්. හැබැයි, සෙන්ගේ ජපන් තාත්තා නිසා මේ හැමදේම අවුල් වෙනවා. අන්තිමට සින්ට පිළිකාවක් හැදෙනවා.

දැන් අම්මාට සල්ලි හොයාගන්න විදිහක් නැති තැන, සෙන්යි, එයාගේ හදාගත් සහෝදරයයි එකතු වෙලා අර පරණ ණය ලැයිස්තුව හොයාගන්නවා.

අම්මා වෙනුවෙන්, සෙන් පාරට බහිනවා. ඇත්තටම එයාට ඕනෑ සල්ලි විතරයි. හැබැයි, ඒ ණයකාරයෝ තමයි නම්බර් 8 ගේ මිනිස්සු. සල්ලි ඉල්ලන්න යන හැම තැනකදීම සෙන්ට සිද්ධ වෙනවා දරුණු සටන් කරන්න. එයා කිසිම පුහුණුවක් නැතිව අමුතුම විදිහට හැම සටනක්ම දිනනවා.

අම්මාගේ ජීවිතය වෙනුවෙන් සෙන්ට දරුණුම අපරාධකරුවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ ගමනේ අවසානය කොහොම වෙයිද? සෙන්ට අම්මාව බේරගන්න පුළුවන් වෙයිද? ඒකට නම් චිත්‍රපටය බලන්නම වෙනවා!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.