
Cirque du Freak: The Vampire’s Assistant (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේක ඩැරන් ෂාන් කියන සාමාන්‍ය කොල්ලෙක්ගෙ කතාව. ඩැරන්ගෙ හොඳම යාළුවා තමයි ස්ටීව්. ස්ටීව්ට තියෙන්නෙ වැම්පයර්ල ගැන පුදුම උණක්. දවසක් මේ දෙන්නට අමුතුම සර්කස් එකක් ගැන කොළයක් හම්බවෙනවා. ඒකෙ නම “සර්ක් ඩු ෆ්රීක්”.
දෙන්නත් එක්ක හොරෙන්ම මේ සර්කස් එක බලන්න යනවා. එතන ඉන්නෙ හිතාගන්නවත් බැරි, අමුතු හැකියාවන් තියෙන මිනිස්සු. මේ සර්කස් එකේ ප්‍රධාන කෙනෙක් තමයි ලාර්ටන් ක්රෙප්ස්ලි. එයා ළඟ ඉන්නවා “මැඩම් ඔක්ටා” කියල පුදුම මකුළුවෙක්. ස්ටීව් එකපාරටම ක්රෙප්ස්ලිව අඳුරගන්නවා. එයා කියන්නෙ ක්රෙප්ස්ලි කියන්නෙ පරණ පොතක හිටපු වැම්පයර් කෙනෙක් කියලා.
ස්ටීව්, ක්රෙප්ස්ලිගෙන් ඉල්ලනවා එයාවත් වැම්පයර් කෙනෙක් කරන්න කියලා. ඒත් ක්රෙප්ස්ලි ඒකට කොහෙත්ම කැමති වෙන්නෙ නෑ. මේ අතරෙ ඩැරන්, අර මකුළුවට ආස හිතිලා හොරෙන් උස්සනවා. ඒත් වැඩේ වරදිනවා. මකුළුවා ස්ටීව්ට විෂ දෙනවා.
ස්ටීව් මැරෙන්න ඔන්න මෙන්න ඉද්දි, ඩැරන් දුවනවා ක්රෙප්ස්ලි ළඟට. ස්ටීව්ව බේරගන්න නම් ඩැරන්ට එක කොන්දේසියකට එකඟ වෙන්න වෙනවා. ඒ තමයි, ඩැරන්, ක්රෙප්ස්ලිගෙ “අර්ධ-වැම්පයර්” සහයකයා වෙන්න ඕන.
තමන්ගෙ යාළුවව බේරගන්න ඩැරන් මේකට කැමති වෙනවා. එයාට තමන්ගෙ පවුල, යාළුවො, තමන්ගෙ පරණ ජීවිතේම දාලා යන්න වෙනවා. ඩැරන් අර අමුතු සර්කස් එකට එකතු වෙනවා. ඒත් කතාව ඇත්තටම පටන් ගන්නෙ එතනින්. ඩැරන්ට තේරෙනවා මේ වැම්පයර් ලෝකේ එයා හිතුවට වඩා ලොකු, භයානක තැනක් කියලා. එයාගෙ පරණ හොඳම යාළුවා, එයාගෙ ලොකුම සතුරා වෙන්නත් වැඩි වෙලාවක් යන්නෙ නෑ.
