Image Not Found

Dark Blue World (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක දෙවෙනි ලෝක යුද්දෙ කාලෙ කතාවක්, හැබැයි මුලින් පටන් ගන්නෙ අවුරුදු කීපයකට පස්සෙ හිරගෙදරක ඉඳන්. එතන ඉන්නෙ චෙක් ජාතික ගුවන් නියමුවෙක්. නම ෆ්‍රැන්ටිසෙක්

එයා ආපහු අතීතයට යනවා.
චෙකොස්ලොවැකියාව නාසීන්ට අසුවුණාට පස්සෙ, එයායි එයාගෙ පොඩි යාළුවයි, එයාගෙම ශිෂ්‍යයෙක් වගේ වෙන කාරල්යි (Karel) එංගලන්තයට පැනලා යනවා, බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව (RAF) වෙනුවෙන් සටන් කරන්න.

අරන්‍ගල් මැද, දවසක් කාරල්ගෙ යානයට වෙඩි වදිනවා. එයා වැටෙන්නෙ ගමක තියෙන ගෙදරක් ළඟ. එතනදි එයාට සූසන් කියන ලස්සන ඉංග්‍රීසි කාන්තාව හමුවෙනවා. එතනින් පස්සෙ මේ දෙන්නා අතර අමුතුම සම්බන්ධයක් ඇති වෙනවා.
දවසක් කාරල් හරිම සතුටින් සූසන්ව එයාගෙ හොඳම යාළුවා වෙන ෆ්‍රැන්ටිසෙක්ට හඳුන්වලා දෙනවා.

ඔන්න එතනදි තමයි කතාව අවුල් වෙන්නෙ! යුද්දෙ බිය අස්සෙ, යාළුවන් දෙන්නෙක්ගෙ සම්බන්ධකම් පරීක්ෂාවට ලක් කරමින්, මේ තිදෙනාගෙ ජීවිත වෙනස්ම මානයකට යොමු වෙනවා.

අන්තිමට මේ ආදර ත්‍රිකෝණය සහ යුද්ධයේ දරුණුකම මේ යාළුවන් දෙන්නව කොහෙට ගෙනියයිද? ඒක දැනගන්න නම් ඔයාට චිත්‍රපටය බලන්නම වෙනවා.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.