Image Not Found

District B13 (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි

කතාව යන්නේ ඈත අනාගතේ පැරිස් නුවර, හරිම අවුල් ජාලාවක් වුණ District B13 කියන ප්‍රදේශය වටා. නගරයේ නරකම තැන් වෙන මේ පළාත වටේට ලොකු තාප්පයක් ගහලා, පිටත ලෝකයෙන් සම්පූර්ණයෙන්ම වෙන් කරලා දාලා තියෙන්නේ. ඇතුළේ නීතිය නෙවෙයි, තියෙන්නේ ගංජාලෝකයේ රජ කරන ටාහා කියන අපරාධකාරයාගේ බලය.

ලෙයිටෝ කියන්නේ මේ B13 දිස්ත්‍රික්කයේ ඉන්න, යුක්තිය වෙනුවෙන් පෙනී ඉන්න තරුණයෙක්. එයා ටාහාට විරුද්ධව නැගී සිටින්නේ මිනිස්සුන්ට මත්ද්‍රව්‍ය විකුණන එක නවත්වන්න. ටාහා පළිගන්නේ ලෙයිටෝගේ ලෝලා කියන නංගීව පැහැරගෙන ගිහින්. ලෙයිටෝ නංගීව බේරගන්න ගිහින් අන්තිමට හිරේට වැටෙනවා.

මාස හයකට පස්සේ, ඩේමියන් කියන දක්ෂ රහස් පොලිස් නිලධාරියාට හදිසි මෙහෙයුමක් ලැබෙනවා. ඒ තමයි, ටාහා විසින් B13 එකට සඟවාගත් නියුට්‍රෝන බෝම්බයක් නිෂ්ක්‍රීය කරන එක. ඒක පුපුරන්න තියෙන්නේ පැය 24කටත් අඩුවෙන්.

දැන්, ඩේමියන්ට සිද්ධ වෙනවා B13 ඇතුළේ මගපෙන්වන්නෙක් විදියට ලෙයිටෝව පාවිච්චි කරන්න. හිරෙන් නිදහස් වෙන ලෙයිටෝ, තමන්ව පාවා දුන් පොලිසිය ගැන තරහෙන් ඉන්නේ. ඒත්, තමන්ගේ නංගීවයි, මුළු පැරිස් නගරයමයි බේරගන්න ඔහුට ඩේමියන් එක්ක එකතු වෙන්න වෙනවා.

මේ බෝම්බය පිටුපස තියෙන්නේ ටාහාට වඩා ලොකු, බිහිසුණු රහසක්… ඩේමියනුයි, ලෙයිටෝයි ඒක හොයාගන්න කලින් බෝම්බය පුපුරයිද? නැත්නම් ඒක හෙළිදරව් කරගනියිද? මේ දෙන්නාට මේ අති භයානක මෙහෙයුම සාර්ථක කරන්න පුළුවන් වෙයිද? බලන්නම වටින කතාවක්!

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.