
Gun Woman (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි
දක්ෂ වෛද්‍යවරයෙක් ඉන්නවා. එයාගේ බිරිඳව මරලා දාන්නේ දරුණු විදිහට, භයානක විකෘති මිනීමරුවෙක්. මේ සිදුවීමෙන් වෛද්‍යවරයා අඩපණ වෙනවා.
දැන් එයාට තියෙන්නේ එකම එක ඉලක්කයක් විතරයි – ඒ මිනීමරුවාගෙන් පළිගන්න එක.
ඒත්… එයාට තනියම ඒක කරන්න බැහැ.
ඉතිං, එයා හොයාගන්නවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ, තනිවුණු තරුණියක්ව. එයාට මේ කෙල්ලව බේරගන්නවත්, උදව් කරන්නවත් නෙවෙයි උවමනාව. එයාට ඕනේ, මේ කෙල්ලව අන්තිම මොහොත වෙනකම්ම එයාගේ පළිගැනීම වෙනුවෙන් පාවිච්චි කරන්න!
වෛද්‍යවරයා මේ තරුණියව දරුණුම විදිහට පුහුණු කරලා, ‘ගැන් වුමන්’ කියන දරුණු ඝාතන යන්ත්‍රයක් බවට පත් කරනවා.
දැන් එයාගේ සැලැස්ම පටන් ගන්නවා.
මේ ඝාතනය කරන්න ඕනේ පුද්ගලයා, හරිම රහසිගත, ආරක්ෂිත තැනක ඉන්න කෙනෙක්. එතනට ඇතුළු වෙන්න පුළුවන් වෙන්නේ එක්කෝ ආරාධනා ලබපු අමුත්තෙකුට, නැත්නම්… මළ සිරුරකට විතරයි!
වෛද්‍යවරයාගේ මොළේ වැඩ කරන විදිහ හිතාගන්න බැහැ!
ඔහු අර තරුණියගේ ශරීරය ඇතුළටම තුවක්කුවක කොටස් ශල්‍යකර්මයකින් බද්ධ කරනවා. ඊට පස්සේ… එයා ඇයව මළ සිරුරක් විදිහට ඇගේ ඉලක්කය ඉන්න රහසිගත තැනට යවනවා.
ඇගේ ඉරණම මොකක් වෙයිද? ඇතුළට ගිය ගමන්ම එයාට සිද්ධ වෙනවා ශරීරය ඇතුළෙන් තුවක්කු කොටස් එළියට අරගෙන, ඒක හයි කරලා, තමන්ගේ ඉලක්කය ඉවරයක් කරන්න.
ඒත් මේ හැමදේම එයාට කරන්න තියෙන්නේ එයාගේම ශරීරයෙන් ලේ ගලලා ඉවර වෙන්න කලින්! පළිගැනීමේ දරුණුම මෙහෙයුම එතනින් පටන් ගන්නවා. බලන්නකෝ, මේක කොහෙන් නවතීද කියලා!
