Image Not Found

Invasive 2: Getaway (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක පටන් ගන්නෙම හොඳට බේරිලා ඉන්න කෙල්ලෙක්ගෙ කතාවකින්. මතකනේ, Kay පලවෙනි පාර බේරුණේ කොහොමද කියල? ඒ අත්දැකීමෙන් පස්සෙ එයාට නිතරම හීන පේනවා, බය හිතෙනවා. ඒත් දැන් එයා ඉන්නෙ සූදානම් වෙලා.

ඔන්න ඉතින් Kay ටයි එයාගෙ තාත්තාටයි දිනුමක් ලැබෙනවා… තනියම, හරිම ලස්සන, සුවිශේෂී දූපතක තියෙන සුපිරි නිවාඩු නිකේතනයක නිවාඩුවක් ගත කරන්න. පරණ බයගුල්ලව අමතක කරලා, අලුත් ජීවිතයක් පටන් ගන්න මේක හොඳ අවස්ථාවක් කියලා Kay හිතනවා.
ඒත්… වැඩේ එතනින් නවතින්නෙ නෑ!

දූපතට ගියාට පස්සෙ Kay ට තේරෙනවා මේක එයා හිතපු තරම් ලස්සන තැනක් නෙවෙයි කියලා. මේක, පලවෙනි චිත්‍රපටයේ හිටපු අර භයානක ඖෂධ අධිපති Pierce Patton ගෙ තාත්තාගෙ නිවස. එතකොට හිතාගන්න පුළුවන්නේ, මේක නිකම්ම නිකම් නිවාඩුවක් වෙන්න බෑ කියලා.

දැන් Kay, තමන්ගෙ තාත්තත් එක්ක ආයෙමත් මාරාන්තික “දඩයමක” කොටු වෙලා. එයා බේරෙන්න කලින් ඉගෙන ගත්ත හැම උපක්‍රමයක්ම, හැම සූදානමක්ම දැන් පාවිච්චි කරන්න වෙනවා. මේ දූපත ඇතුළෙ ඉන්න හැම කෙනාම Kay ව පස්සෙන් එලවන, පිස්සු වැටුන දඩයක්කාරයෝද? නැත්තම්, මේ සුපිරි නිවාඩු නිකේතනයේ තවත් රහස් තියෙනවද?

Kay ට ආයෙමත් බේරෙන්න පුළුවන් වෙයිද? බලන්න, මේ පාර දූපත ඇතුළෙ මොන වගේ භයානක දේවල් සිද්ධ වෙයිද කියලා!

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.