Image Not Found

Margin Call (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි

“මාර්ජින් කෝල්” (Margin Call) කියන්නේ එක රැයක්, හරියටම කිව්වොත් පැය 24ක් ඇතුළත වෙන සිදුවීමක්. මේක තියෙන්නේ ඇමරිකාවේ තියෙන අති දැවැන්ත ආයෝජන බැංකුවක.

කතාව පටන් ගන්නේ එරික් කියලා අවදානම් කළමනාකරණ අංශයේ (Risk Management) ලොක්කෙක්ව එකපාරටම ජොබ් එකෙන් අයින් කරන තැනින්. එයාට එයාගේ පෙට්ටියක්වත් අස් කරගන්න වෙලාවක් දෙන්නේ නෑ. එයා ඔෆිස් එකෙන් එළියට යන්න කලින්, එයාගේ යටතේ වැඩ කරන පීටර් කියන තරුණ කොල්ලෙක්ට USB ඩ්‍රයිව් එකක් දෙනවා, “පරෙස්සමෙන්” කියලා පොඩි ඉඟියකුත් දීලා.

පීටර් ඉතින් අනිත් හැමෝම ගියාට පස්සේ, රෑ වෙනකල් ඔෆිස් එකේ නැවතිලා අර USB එකේ තිබ්බ එරික් ඉවර නොකරපු මොඩල් එකක් බලනවා. එයා ඒක හදලා ඉවර කරද්දී, එයා දකින දේකින් එයාගෙ ඇඟ හිරිවැටෙනවා.

එයා හොයාගන්නේ කම්පැනිය ඉන්නෙ වෙලාව යනකල් බලන් ඉන්න ලොකු බෝම්බයක් උඩ කියලයි. ඒ කියන්නේ, කම්පැනිය ළඟ තියෙන වත්කම් (assets) ඔක්කොම ඇත්තටම නිකන් කඩදාසි විතරයි, තව පැය කීපයකින් මේ ඔක්කොම බිංදුවට වැටෙන්න පුළුවන්. ඒ පාඩුව කොච්චරද කියනවා නම්, මුළු කම්පැනියේම වටිනාකමටත් වඩා වැඩියි.

පීටර් ඉක්මනට එයාගේ බොස්ට කෝල් කරනවා. ඊටපස්සේ ඒ බොස් එයාගේ බොස්ට කෝල් කරනවා. ඔහොම ඔහොම දම්වැලක් වගේ, අන්තිමට පාන්දර 2ට කම්පැනියේ ලොකුම ලොක්කා (CEO) හෙලිකොප්ටරෙන් එනකල්ම මේක යනවා.

දැන් මේ හැමෝම එක කාමරේකට වෙලා. එයාලට තීරණයක් ගන්න තියෙනවා. එකක් තමයි, මේක හංගගෙන ඉඳලා කම්පැනියම වහලා දානකල් බලන් ඉන්න එක. නැත්නම්, හෙට උදේ මාකට් එක ඕපන් කරපු ගමන්, මේ කිසිම වටිනාකමක් නැති “කුණු” ටික, අනිත් මිනිස්සුන්ට විකුණලා දාලා තමන්ගේ ඇඟ බේරගන්න එක. ඒත් එහෙම කළොත්, ඒක මුළු ආර්ථිකයම කඩන් වැටීමේ පටන්ගැන්ම වෙනවා.

දැන් එයාලා මොන තීරණේ ගනීවිද?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.