
My Bloody Valentine (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේක පටන් ගන්නේ හාර්මනි කියන පොඩි පතල් නගරයක. හැමදේම අවුල් වෙන්නේ වැලන්ටයින් දවසකදී. එදා පතලේ අනතුරක් වෙලා, පතල් කම්කරුවන් කිහිප දෙනෙක්ම හිර වෙනවා. අන්තිමට බේරෙන්නේ එකම කෙනයි – හැරී වෝඩන්. හැබැයි, එයාලා දැනගන්නවා, අනිත් අය මැරිලා තියෙන්නේ අනතුරෙන් නෙමෙයි… හැරී එයාලව මරලා තියෙනවා ඔක්සිජන් ඉතුරු කරගන්න! ඌට පිස්සු හැදිලා.
ඊට පස්සේ අවුරුද්දක් යනවා. ආයෙමත් වැලන්ටයින් දවස උදාවෙනවා. හැරී, කෝමා එකෙන් ඇහැරිලා, ඌගේ පතල් ඇඳුම් ඇඳගෙන, පිකැක්ස් එක අරගෙන ඇවිත් නගරය පුරා මිනිස්සු මරන්න පටන් ගන්නවා. හදවත් චොකලට් පෙට්ටිවල දාලා යන්නේ ඌගේ සිග්නේචර් එක විදිහට.
මේ හැමදේටම වගකියන්න පුළුවන් ටොම් හැනිගර් කියන තරුණයාට, මොකද පතල් අනතුර වෙන්න හේතුව ඌගේ අතින් වෙච්ච වැරැද්දක් නිසා.
අවුරුදු දහයකට පස්සේ, මේ භයංකර සිද්ධිය යටපත් වෙලා තියෙන වෙලාවක, ටොම් ආයෙමත් නගරේට එනවා. එයාට ආපහු එන්න වෙන්නේ එයාගේ තාත්තගෙන් ලැබුණ පතල විකුණන්න.
ඒත්… ටොම් ආවට පස්සේ, ආයෙමත් අර පතල් කම්කරුවාගේ ඇඳුම ඇඳගත්තු මිනීමරුවෙක් නගරේ පුරාම දඩයම් පටන් ගන්නවා. හැමෝම හිතන්නේ මේ හැරී වෝඩන් කියලා.
නමුත් ප්‍රශ්නේ තියෙන්නේ, මේ ඇත්තටම ආපහු ආපු හැරී ද? එහෙමත් නැත්නම්… අලුත් මිනීමරුවෙක් මේ නගරයේ රහස් දන්න කෙනෙක්ද?
ටොම්, එයාගේ පරණ පෙම්වතිය සාරා සහ දැන් නගරයේ ෂෙරිෆ් වෙලා ඉන්න එයාලගේ යාළුවා ඇක්සල් මේ අලුත් භීෂණය මැද්දේ හිරවෙනවා. එයාලට හොයාගන්න වෙනවා, මේ පිකැක්ස් එක අතේ තියාගෙන ඉන්න මිනීමරුවා කවුද කියලා, මොකද හැමෝටම එයාලගේම සැඟවුණු රහස් තියෙනවා… සමහරවිට ඒ රහස් මේ කතාවේ හැරවුම් ලක්ෂය වෙන්නත් පුළුවන්!
