Image Not Found

Red Eye (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ලීසා කියන්නෙ හොටෙල් මැනේජර් කෙනෙක්. එයා වැඩ වගයකට ගිහින්, රෑ තොපේ ෆ්ලයිට් එකක (Red Eye) ගෙදර එනවා. එයාර්පෝට් එකේදී එයාට මාර චාම් කොල්ලෙක් සෙට් වෙනවා, ජැක්සන් කියලා. පුදුමෙ කියන්නෙ, ෆ්ලයිට් එකෙත් දෙන්නට සෙට් වෙන්නෙ ළඟ ළඟ සීට්ස්.

හැබැයි, ප්ලේන් එක උඩ ගියා විතරයි, ජැක්සන්ගෙ නියම පාට එළියට එනවා. මිනිහා හිතන තරම් හොඳ එකෙක් නෙවෙයි. පොර ත්‍රස්තවාදී කල්ලියක සාමාජිකයෙක්.
ජැක්සන් ලීසාට තර්ජනය කරනවා. ලීසා වැඩ කරන හොටෙල් එකේ නවතින්න ඉන්න ලොකු දේශපාලනඥයෙක්ව මරන්න තමයි ජැක්සන්ලගෙ ප්ලෑන් එක. ඒකට එයාට ලීසගෙ උදව් ඕන. ලීසා එයාගෙ හොටෙල් එකට කෝල් කරලා අර දේශපාලනඥයව වෙන රූම් එකකට මාරු කරන්න ඕන.

ලීසා බෑ කිව්වොත්? ජැක්සන්ගෙ මිනිහෙක් ලීසගෙ තාත්තගෙ ගෙදර එළියෙ ලෑස්ති පිට ඉන්නවා, තාත්තව මරන්න.

දැන් ලීසා ඉන්නෙ අඩි 30,000ක් උඩ ප්ලේන් එකක. කාගෙන්වත් උදව් ඉල්ලන්න විදිහක් නෑ. හැමෝම නිදි. එයා කොහොමද තාත්තවත් බේරගෙන, අර දේශපාලනඥයවත් බේරගන්නෙ? ෆ්ලයිට් එක බිම බාන්න කලින් එයා මොකක් හරි කරන්නම ඕන. එතන ඉඳන් තමයි කතාව දිග හැරෙන්නෙ.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.