Image Not Found

Solitary (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි

අනාගතයේ දවසක පෘථිවියට වෙන්න යන විනාශයකින් බේරෙන්න මිනිස්සු වෙනත් ග්‍රහලෝක හොයාගෙන යනවා කියලා හිතන්න. අන්න ඒ වගේ පසුබිමක තමයි Solitary (2020) නිර්මාණය වෙන්නේ. අයිසැක් කියන පුද්ගලයා ඇහැරෙද්දී එයා ඉන්නේ අභ්‍යවකාශ යානයක තියෙන පුංචිම පුංචි කාමරයක. එයා එතනට ආවේ කොහොමද? එයාගේ අරමුණ මොකක්ද? මේ කිසිම දෙයක් එයාට මතක නැහැ.

අයිසැක් එක්ක ඒ යානයේ තව එක්කෙනෙක් ඉන්නවා, ඒ ඇලනා. හැබැයි මේ දෙන්නට දෙන්නා විශ්වාස කරන්න පුළුවන් ද? අයිසැක්ට ටිකෙන් ටික තේරෙනවා තමන් මෙතන ඉන්නේ නිකන්ම නෙවෙයි, තමන්ව මේ ගමනට යොදාගෙන තියෙන්නේ හරිම අද්භූත හේතුවකට කියලා. යානය ඇතුළේ සිද්ධ වෙන සිදුවීම් එක්ක එයාට තමන්ගේ මතකය ආපහු ලැබෙන්න ගන්නවා. ඒ මතකයත් එක්ක එළියට එන ඇත්ත හරිම බියකරුයි.

මේක නිකන්ම Sci-Fi ෆිල්ම් එකක් නෙවෙයි, මේක මානසික සටනක්. මුළු චිත්‍රපටයම වගේ එකම තැනක රූගත කරලා තිබුණත්, තත්පරයෙන් තත්පරය කුතුහලය වැඩි වෙන විදිහට මේක නිර්මාණය කරලා තියෙනවා. පිටතින් පෙනෙන අභ්‍යවකාශයට වඩා යානය ඇතුළේ තියෙන රහස් බයානකයි. අයිසැක් මේ මාරක ගමන කෙළවර කරන්නේ කොහොමද කියලා දැනගන්න නම් ඔයාට මේක බලන්නම වෙනවා. හුදකලාව කියන්නේ කොච්චර දරුණු දෙයක්ද කියලා මේ චිත්‍රපටය ඔයාට පෙන්වලා දේවි.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.