
The Lazarus Project (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි
බෙන් ගාර්වි කියන්නේ අපරාධකාරයෙක් වෙලා හිටියත්, දැන් හොඳට ජීවත් වෙන කෙනෙක්. එයාට ලස්සන බිරිඳක්, දුවෙක්, ස්ථාවර රස්සාවක් තියෙනවා. හැබැයි, දවසක් එයාගේ පරණ අපරාධකාර පසුබිම නිසා රස්සාව නැති වෙනවා.
ඔය අතරේ, හිරේ ඉඳලා ආපු එයාගේ මල්ලි, රිකී, ඇවිත් බෙන්ව තවත් සොරකමකට පොළඹවා ගන්නවා. ඒත් ඒ වැඩේ අන්තිමට දරුණු විදිහට වැරදී යනවා, මිනිස්සු මැරෙනවා.
අවසානේ, බෙන්ට මරණ දඬුවම නියම වෙනවා. එයාට මාරක එන්නත දීලා මරණවා.
නමුත්… ඊට පස්සේ බෙන් ඇහැරෙන්නේ කොහේදෝ තියෙන අමුතු මානසික රෝහලක් ළඟ.
එතනදී එයාට කියනවා, එයාට දෙවියන්ගෙන් දෙවැනි අවස්ථාවක් ලැබිලා තියෙනවා, දැන් එයාගේ වැඩේ මේ රෝහලේ භූමිය බලාගන්න එක කියලා.
බෙන්ට ඕනෑ කරන්නේ එයාගේ බිරිඳයි, දුවයි ළඟට යන්න. හැබැයි එයාට යන්න දෙන්නේ නෑ.
දැන් බෙන්ට ප්රශ්නයක් තියෙනවා: එයා ඇත්තටම මරණයෙන් බේරුණාද? එහෙමත් නැතිනම්, එයා හිර වෙලා ඉන්නේ මීට වඩා දරුණු, බිහිසුණු සැලැස්මක කොටසක් විදිහටද?
එයාගේ පරණ ජීවිතේ ඇත්තටම තිබුණාද, නැත්නම් මේ හැමදේම එයාගේ හිතේ නිර්මාණයක්ද? මේ හැම අභිරහසක්ම එයාට හෙළි කරගන්න වෙනවා. බලන්න එයාට මොකද වෙන්නේ කියලා!
