
They Shall Not Grow Old (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි
‘They Shall Not Grow Old’ කියන්නෙ නිකන් ෆිල්ම් එකක් නෙවෙයි, ඒක කාල තරණයක්. මේකෙ කතාව පළවෙනි ලෝක යුද්ධයට ගිය සාමාන්‍ය තරුණ කොල්ලො ටිකක් වටා ගෙතෙන්නෙ. හැබැයි මේකෙ නළුවො නෑ. මේක හදල තියෙන්නෙ අවුරුදු 100කට වඩා පරණ, එදා යුද්දෙදිම රූගත කරපු ඇත්තම දර්ශන එකතු කරලා. පීටර් ජැක්සන් ඒ ගත්ත කළු සුදු ෆිල්ම් කෑලිවලට පාට දීලා, සද්ද දාලා, ඒ සොල්දාදුවොන්ට ආයෙ පණ දීලා තියෙනවා.
කතාව පටන් ගන්නෙ හරිම ආසාවෙන්, වික්‍රමයක් බලාපොරොත්තුවෙන් හිනාවෙවී යුද්ධෙට බැඳෙන කොල්ලන්ගෙන්. සමහරු වයසත් බොරු කියලයි රට වෙනුවෙන් සටන් කරන්න එන්නෙ. එයාලා හිතුවෙ මේක ඉක්මනට ඉවර වෙන නිකන් සෙල්ලමක් කියලා.
ඒත් එයාලව යුධ පෙරමුණට, ඒ කියන්නෙ බටහිර පෙරමුණේ බංකර් ඇතුළට යැව්වම තමයි ඇත්ත තේරෙන්නෙ. මඩ ගොඩවල්, දිරාපත් වෙන මළකුණු, හැමතැනම දුවන මීයො. හැම තත්පරේම ඇහෙන වෙඩි සද්ද. කෑම හිඟකම. නිකන් ඉඳලා හිටි ගමන් යාළුවෙක් මැරිලා වැටෙන හැටි. මේ ෆිල්ම් එක අපිව කෙලින්ම ඒ බංකරේ ඇතුළට, ඒ අපායට අරන් යනවා.
සටන පටන් ගත්තම වෙන දේ, ඒ බිහිසුණුකම වචනෙන් කියන්න බෑ. යුද්ධෙ ඉවර වුණාට පස්සෙ, මේ අත්දැකීම් එක්ක බේරිලා ගෙදර එන සොල්දාදුවන්ට මොකද වෙන්නෙ? එයාලා දැකපු දේවල් සාමාන්‍ය මිනිස්සුන්ට කවදාවත් තේරුම් ගන්න පුළුවන් වෙයිද?
