
Wolf Creek (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේක ඇත්ත සිදුවීම් මත පාදක වෙලා හදපු කතාවක් නිසා, බලද්දීත් ඇඟ කිලිපොලා යනවා.
කතාව පටන්ගන්නේ ඕස්ට්‍රේලියාවේ බැක්පැක් ට්‍රිප් එකක් යන යාලුවෝ තුන් දෙනෙක්ගෙන් – ලිස්, ක්‍රිස්ටි සහ බෙන්. මේ තුන්දෙනා ලොකු ට්‍රිප් එකක් යන්න හිතාගෙන, පරණ කාර් එකක් අරගෙන, ඕස්ට්‍රේලියාවේ වනගත පැතිවලින් යනවා.
ඔය අතරේ, එයාලා වූල්ෆ් ක්‍රීක් කියන, උල්කාපාත ගැටුණු ආවාටය බලන්න යනවා.
ආපහු එද්දී එයාලගේ කාර් එක ස්ටාර්ට් වෙන්නේ නෑ. මුළු රෑම එතන තනියම ඉන්න වෙනවා.
අඳුර වැටුණාම තමා නියම කතාව පටන් ගන්නේ.
එතනට එන්නේ මික් ටේලර් කියන හිත හොඳ ගැමියෙක්. එයා කියනවා කාර් එක හදලා දෙන්නම්, එයාලව එයාගේ කැම්ප් එකට ඇදගෙන යන්නම් කියලා. මේ තුන්දෙනාත් එයාට විශ්වාස කරලා යනවා.
ඊළඟට වෙන්නේ… මේ තුන්දෙනා මත්වුණු වතුර බීලා සිහිය නැති වෙනවා.
දැන් තමා එයාලා තේරුම් ගන්නේ මික් කියන්නේ නිකන්ම ගමක මනුස්සයෙක් නෙවෙයි කියලා. එයා ඇත්තටම භයානක කෙනෙක්.
ඊටපස්සේ වෙන්නේ… ජීවිතේ බේරගන්න එයාලා කරන දරුණුම සටනයි. මේ ට්‍රිප් එක එයාලට අපායක් වගේ වෙනවා. කතාවේ ඉස්සරහට මොනවා වෙයිද? එයාලා මේ අහිංසක පෙනුමැති ‘මිනීමරුවාගෙන්’ බේරෙයිද? බලන්නම ඕන!
