ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයෙන් උපසිරැසි සමඟ වීඩියෝ නරඹන ආකාරය
KM Player යෙදුම ඩවුන්ලෝඩ් කර ස්ථාපනය කරන්න
Google Play Store එක විවර කරන්න.
සෙවුම් තීරුවේ “KM Player” ලියන්න.
KM Player යෙදුම “Install” කරන්න.
අස්ථාපනය වූ පසු යෙදුම Open කරන්න.
වීඩියෝ ගොනුව ධාවනය කරන්න
KM Player ඇප් එකේ ප්‍රධාන තිරයේ, “වීඩියෝ ගොනු” (හෝ “Folders”) තෝරන්න.
ඔබේ දුරකථන ගබඩාවෙන් වීඩියෝ ගොනුව සොයන්න (උදා: Downloads, Movies MP4, MKV, AVI).
වීඩියෝ ගොනුව මත click කර ධාවනය ආරම්භ කරන්න
උපසිරැසි සක්රිය කිරීම
වීඩියෝව වාදනය වන විට, තිරය මත ඕනෑම තැනක ටැප් කරන්න.(වීඩියෝ ක්රියාකාරීත්වය පෙන්වීම සඳහා).
ඉහළ දකුණු කෙළවරේ ඇති “…” බොත්තම මත click කරන්න (සාමාන්‍යයෙන් “CC” ලෙස හෝ උපසිරැසි සඳහා වන අයිකනයක් ලෙස දිස්වේ).
“Open Subtitle” හෝ “Load Subtitle” වැනි විකල්පයක් තෝරන්න.
ඔබගේ උපසිරැසි ගොනුව (.srt, .ass, .sub, ආදිය) ඇති ස්ථානයට ගොස් එය තෝරන්න.
ඔබගේ .srt, .ass උපසිරැසි ගොනුව තෝරා “Open” කරන්න.
උපසිරැසි සැකසුම් සකසන්න
අකුරු ප්‍රමාණය (Font Size)
අකුරු වර්ණය (Color)
උපසිරැසි ස්ථානය (Position)
කේතීකරණ ආකෘතිය (Encoding – UTF-8 සාමාන්යයෙන් සම්මතය)
“Save” ක්ලික් කර වෙනස්කම් යාවත්කාලීන කරන්න
ගැටළු නිරාකරණය
වීඩියෝවේ නම සහ උපසිරැසි ගොනුවේ නම සමාන දැයි පරීක්ෂා කරන්න (උදා: video.mp4 සහ video.srt).
වීඩියෝ සහ උපසිරැසි ගොනුව එකම ෆෝල්ඩරයේ ඇති බව පරීක්ෂා කරන්න.
උපසිරැසි ගොනුව UTF-8 කේතාංකනයෙන් සුරකින්න.
KM Player උපසිරැසි ආකෘති (SRT, SUB, ASS, SMI, TXT) සහාය දක්වයි.
උපසිරැසි වේලාව වැරදි නම් කළ යුතු දේ
ඉහළ දකුණු කෙළවරේ ඇති “≡” (මෙනුව) බොත්තම ඔබන්න.
Subtitle මෙනුවේ “සමයිකරණය” (Sync) විකල්පය භාවිතා කර කාලය සීරුමාරු කරන්න.
වේලාව වැරදි අතට ගිය පරිදි, පහත දැක්වෙන පරිදි සකසන්න:
උපසිරැසි වේගය වැඩි කිරීමට “+100ms” ඔබන්න.
උපසිරැසි වේගය අඩු කිරීමට “-100ms” ඔබන්න.
මිලිතපැය (ms) භාවිතා කරමින් සුදුසු වේලාවට සකසන්න.
iPhones දුරකථනයෙන් උපසිරැසි සමඟ වීඩියෝ නරඹන ආකාරය
VLC media player යෙදුම ලබා ගැනීම
App Store වෙත ගොස් VLC media player සොයන්න.
Download කර Install කරන්න.
වීඩියෝ සහ උපසිරැසි ගොනු එකම ෆෝල්ඩරයේ තබා ගැනීම
(Files) භාවිතා කරමින්, ඔබගේ වීඩියෝ සහ උපසිරැසි ගොනු එකම ෆෝල්ඩරයකට ගෙන යන්න.
වීඩියෝවේ නම සහ උපසිරැසි ගොනුවේ නම සමාන දැයි පරීක්ෂා කරන්න.
උදාහරණයක් ලෙස:
video.mp4 සහ video.srt.
VLC media player වෙත විවෘත කිරීම
Browse කරමින් ඔබගේ වීඩියෝ ගොනුව තෝරන්න.
උපසිරැසි සක්රිය කිරීම
වීඩියෝව ධාවනය වන විට, තිරය මත උපසිරැසි බොත්තම ඔබන්න.
Subtitle Track තෝරාගෙන ඔබගේ උපසිරැසි ගොනුව තෝරන්න.
laptops and desktop (Windows) පරිගණක සඳහා උපසිරැසි සමඟ වීඩියෝ නරඹන ආකාරය මෙන්න
VLC media player ස්ථාපනය කරන්න
VLC media player ඔබගේ laptop එකේ ස්ථාපනය කර නොමැතිනම්, පළමුව VLC official website වෙත ගොස් නොමිලේ බාගත කරගන්න.
බාගත කරගත් ගොනුව එක්වරම run කර VLC media player ස්ථාපනය කරගන්න
වීඩියෝ ගොනුව VLC විවෘත කිරීම
VLC media player විවෘත කරන්න.
මෙනුව තුළ Media > Open File… (හෝ Ctrl + O දිරූ යතුරු සංයෝජනය භාවිතා කරන්න).
ඔබට නරඹා ගත යුතු වීඩියෝ ගොනුව තෝරාගෙන Open ක්ලික් කරන්න.
උපසිරැසි ගොනුව ලබාගන්න
ඔබට අවශ්‍ය උපසිරැසි ගොනුව බාගත කරගන්න.
උපසිරැසි ගොනුව සහ වීඩියෝ ගොනුව එකම ෆෝල්ඩරය තුළ තබාගන්න.
උදාහරණයක් ලෙස, video.mp4 සහ video.srt ලෙස නම් කරන්න.
උපසිරැසි ගොනුව VLC තුළ ඇතුළත් කරන්න
VLC media player තුළ වීඩියෝව වාදනය වන විට, මෙනුව තුළ Subtitle > Add Subtitle File…
ඔබ බාගත කරගත් උපසිරැසි ගොනුව තෝරාගෙන Open ක්ලික් කරන්න.
උපසිරැසි සක්‍රීය කරන්න
උපසිරැසි ස්වයංක්‍රීයව පෙන්වන්නේ නැතිනම්, මෙනුව තුළ Subtitle > Sub Track > Track 1 (හෝ ඔබගේ උපසිරැසි ගොනුවට අදාළ track) තෝරාගන්න.
උපසිරැසි නිවැරදිව පෙන්වන්නේ නැතිනම්, Subtitle > Subtitle Track > Synchronize මෙනුව භාවිතා කර උපසිරැසි සමකාලීන කරගන්න.
උපසිරැසි සැකසුම් සකසන්න
උපසිරැසි විශාලත්වය, අකුරු වර්ගය, වර්ණය වෙනස් කිරීමට Tools > Preferences > Subtitles / OSD වෙත ගොස් අවශ්‍ය සිටුවම් කරගන්න.
Save ක්ලික් කරන්න.
උපසිරැසි වේලාව වැරදි නම් කළ යුතු දේ
වීඩියෝව නැරඹීමේදී, Tools මෙනුව තුළින් Track Synchronization තෝරන්න.
Subtitle Track Synchronization යටතේ, උපසිරැසි වේලාව වැඩි හෝ අඩු කිරීමට Delay විකල්පය භාවිතා කරන්න::
උපසිරැසි පෙරටුවට ගෙන ඒමට, සෘණ අගයක් ඇතුළත් කරන්න (උදා: -2.5).
උපසිරැසි පසුකාලීන කිරීමට, ධන අගයක් ඇතුළත් කරන්න (උදා: 2.5).