
2046 (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේ චිත්‍රපටයේ කතාව ගෙතිලා තියෙන්නේ චෝව් මෝ-වාන් (Chow Mo-wan) කියන ලේඛකයා වටා.
චෝව් කියන්නේ ආදරයෙන් තුවාල වුන හිතක් තියෙන, කාන්තා ලෝලී ජීවිතයක් ගත කරන කෙනෙක්. එයා හොංකොං වලට ආපහු ඇවිත් නතර වෙන හෝටලයේ කාමර අංකයක් තමයි 2046 කියන්නේ. ඒ අංකයට චෝව්ගේ ජීවිතයේ නැති වුන ආදරයේ මතකයන් එක්ක ගැඹුරු සම්බන්ධයක් තියෙනවා.
ඔහු කාමර අංක 2046 එකේ ඉන්න නොයෙකුත් කාන්තාවන් එක්ක කාලය ගත කරනවා. ඒ හැම සම්බන්ධයකින්ම එයා උත්සාහ කරන්නේ එයාට නැති වුන ආදරය ආයෙත් හොයාගන්න, නැත්නම් ඒක අමතක කරන්න. ඒත් එයාට තේරෙන්නේ, ඒ හැමදෙයක්ම අවසානයේදී එයාගේ අතීතයටම හැරිලා යනවා කියලයි.
මේ අතරේ, චෝව් ලියනවා විද්‍යා ප්‍රබන්ධ නවකතාවක්. ඒකෙ නමත් 2046! ඒ කතාව දිව යන්නේ මතකයන් ආයෙත් හොයාගන්න මිනිස්සු යන අද්භූත දුම්රියක් ගැනයි. එතන ‘2046’ කියන්නේ කවදාවත් කිසිදෙයක් වෙනස් නොවෙන තැනක්.
චෝව්ගේ ජීවිතේ සිද්ධ වෙන ආදර කතා… එයාගේ ඒ අමුතු නවකතාව… මේ හැමදෙයක්ම එකට බැඳිලා තියෙන හැටි… ඒ හැම සම්බන්ධයක් ඇතුළෙන්ම චෝව් තේරුම් ගන්න උත්සාහ කරන්නේ ඇයි මිනිස්සු නැති වුන මතකයන් පස්සේ යන්නේ, ඇයි සමහර ආදරයන් ආදේශ කරන්න බැරි කියන දේවල්.
ඔහුට 2046 කියන තැනට යන්න පුළුවන් වෙයිද? නැත්නම් එයා හැමදාටම සිර වෙලා ඉඳියිද තමන්ගේම මතකයන් කියන උගුලේ? ඔයත් බලන්නකෝ එහෙනම්.
