Image Not Found

47 Meters Down: Uncaged (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේකේ ප්‍රධාන චරිත වෙන්නේ එකිනෙකාට ටිකක් වෙනස්, නහඹර වියේ කෙල්ලෝ හතර දෙනෙක්. මෙයාලා දවසක් තීරණය කරනවා පොඩි ඇඩ්වෙන්චර් එකක් කරන්න. ඒ තමයි, කවුරුවත් වැඩිය නොගිය, දිය යට ගිලිලා තියෙන පුරාණ මායන් නගරයක් බලන්න යන එක. ස්කූබා ගහලා මේ නගරේ තියෙන ගුහා පද්ධතියක් ඇතුළේ පොඩි රවුමක් ගහලා එන්න තමයි මෙයාලගේ ප්ලෑන් එක.

මුලදී හැමදේම නියමෙට යනවා. දර්ශන එහෙම මාරම ලස්සනයි. ඒත්, එයාලගේ අවාසනාවට, එයාලා නොදැනුවත්වම ගුහාවක කොටසක් කඩාගෙන වැටෙනවා. දැන් මෙයාලා ආපු පාර සම්පූර්ණයෙන්ම බ්ලොක්.

දැන් ඉතින් එයාලා මේ දිය යට උමං ලෝකේ ඇතුළේ සම්පූර්ණයෙන්ම අතරමං වෙලා. හුස්ම ගන්න තියෙන ඔක්සිජන් ටැංකිවල වාතයත් ටික ටික අඩු වෙනවා. එළියට යන්න පාරක් නෑ.
ඒත්, ලොකුම ප්‍රශ්නේ ඒක නෙවෙයි.

එයාලට ටිකකින් තේරෙනවා මේ අඳුරු ගුහා ඇතුළේ එයාලා තනියම නෙවෙයි ඉන්නේ කියලා. අවුරුදු දහස් ගාණක් මේ අඳුරටම හුරු වෙච්ච, ඇස් පේන්නේ නැති, ඒත් ශබ්දයට මාරම සංවේදී, දරුණුම දරුණු ලොකු මෝරු රැලක් මේ ගුහා ඇතුළේ ජීවත් වෙනවා.

ඔක්සිජන් ඉවර වෙන්න කලින්, ගුහා කඩා වැටෙන්න කලින්, මේ මෝරුන්ට ගොදුරු නොවී, එළියට යන්න පාරක් හොයාගන්න එක තමයි මෙයාලගේ එකම අභියෝගය. එක එක්කෙනා තමන්ගේ ජීවිතේ බේරගන්න කරන මාර සටනක් තමයි මේකේ තියෙන්නේ.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.