Image Not Found

“ද ටුමෝරෝ වෝර්” යනු ක්‍රිස් ප්‍රැට් ප්‍රධාන චරිතයට පණ පොවන විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයකි. චිත්‍රපටයේ කතාව ආරම්භ වන්නේ 2022 දී, අනාගතයේ සොල්දාදුවන් පිරිසක් පාපන්දු තරඟයක් අතරතුර හදිසියේම පෙනී සිටීමෙනි. මෙම සොල්දාදුවන් පැහැදිලි කරන්නේ 2051 දී “වයිට්ස්පයික්” නම් භයානක පිටසක්වල විශේෂයකට එරෙහි සටනේදී මානව වර්ගයා පරාජය වන බවයි. මෙම අර්බුදයට මුහුණ දීම සඳහා ඔවුන්ට අතීතයේ මිනිසුන් අවශ්‍ය වේ.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ඩෑන් ෆොරෙස්ටර් (ක්‍රිස් ප්‍රැට්), හිටපු ග්‍රීන් බෙරෙට්වරයෙකු වන අතර දැනට ජීව විද්‍යා ගුරුවරයෙකි. අනාගත යුද්ධයට සම්බන්ධ වීමට ඔහුට බල කළ විට, ඔහු තම පවුල හැර දමා වසර 30 ක් ඉදිරියට, එනම් 2051 දක්වා ගමන් කරයි. එහිදී, ඔහු අසාර්ථක හමුදා මෙහෙයුමක කොටසක් බවට පත්වන අතර, එහි දී ස්වල්ප දෙනෙක් පමණක් දිවි ගලවා ගනී. ඔහුගේ හමුදා අත්දැකීම් නිසා ඩෑන් දිවි ගලවා ගත් අයගේ නායකයා බවට පත් වේ.

පර්යේෂණ කණ්ඩායමක් බේරා ගැනීමට ඩෑන් සහ ඔහුගේ සගයන් යවනු ලැබේ, නමුත් ඔවුන් පැමිණෙන විට, සියලුම විද්‍යාඥයින් මරා දමා ඇති බව ඔවුන් සොයා ගනී. අනාගතයේදී මනුෂ්‍යත්වයට අත්‍යවශ්‍ය විය හැකි වැදගත් ජීව විද්‍යාත්මක සාම්පල කිහිපයක් ඩෑන් එකතු කරයි.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.