
My Husband’s Mistress (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි
My Husband’s Mistress (2025) කියන්නේ ලොකු ව්‍යාපාරයක් සාර්ථකව කරගෙන යන ඇනා කෙන්ට් කියන බිස්නස් ලේඩිගේ ජීවිතේ උඩු යටිකුරු වෙන හැටි ගැන.
ඇනායි, එයාගේ හස්බන්ඩ් බ්‍රිල්යි දෙන්නම එකතු වෙලා තමයි මේ කම්පැණිය ගොඩනඟා ගත්තේ. හැබැයි, බ්‍රිල් රහසින්ම එයාගේ ලෝකේ වෙනස් කරන සම්බන්ධයක් පටන් ගන්නවා. එයාට ඉන්නේ ඔෆීලියා ස්කායි කියන අමුතු චරිතයක්. මේ ඔෆීලියා අතේ තියෙනවාලු “The Substance” කියලා විශේෂ බෙහෙතක්, ඒකෙන් මිනිස්සුන්ගේ සැඟවුණු හැකියාවන් එළියට ගන්න පුළුවන්ලු.
ඇනාට මේ ද්‍රෝහි කම ආරංචි වෙනකොට එයාගේ මුළු ලෝකෙම කඩා වැටෙනවා. එයා තීරණය කරනවා පලිගන්න, තමන්ගේ කියලා හිතන හැමදේම ආපහු දිනා ගන්න.
හැබැයි, මෙතන තියෙන පුදුම දේ තමයි, ඇනායි ඔෆීලියායි දෙන්නම එකම මිනිහෙක් එක්ක ඉඳලා තිබුණත්, එයාලට තේරෙන්න පටන් ගන්නවා එයාලා හිතුවට වඩා පොදු දේවල් දෙන්නා අතර තියෙනවා කියලා. සමහරවිට එයාලා දෙන්නා එකිනෙකාට ගැලපෙනවා ඇති.
ඉතින්, ඇනා ඇත්තටම බ්‍රිල්ගෙන් පලිගනියිද? එහෙමත් නැත්නම්, ඔෆීලියා එක්ක එකතු වෙලා අලුත් ගමනක් යයිද?
මේ කතාවේ ඉස්සරහට මොන වගේ දරුණු පෙරළි වෙයිද කියලා බලන්නම වෙනවා! මේක නිකන්ම නිකන් ආදර කතාවක් නෙවෙයි, පුදුම ත්‍රිලර් එකක්.
