
Night of Deception (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි
Night of Deception (2025) කියන්නේ හොල්මන් චිත්‍රපටයක්. කතාව ගෙතිලා තියෙන්නේ සාමාන්‍යයෙන් කවුරුත් අල්ලන්න අකමැති වැඩක් කරන යාළුවෝ දෙන්නෙක් වටා. ඒ තමයි මරණ සිදුවුණු තැන් පිරිසිදු කරන එක.
මේ දෙන්නට දවසක් හරි අමුතු වැඩක් බාර වෙනවා. ඒ තමයි දිරාපත් වෙච්ච මළ සිරුරු තුනක් තිබුණු ගෙදරක් පිරිසිදු කරන්න.
ඔයාලට හිතාගන්න පුළුවන් නේ… ඒ වගේ තැනක වැඩ කරන එක ලේසි නැහැ කියලා. මේ දෙන්නා එතනට ගියාට පස්සේ තමයි, නොසිතූ දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නේ.
එතකොටම තමයි එයාලට අමුතු, අද්භූත පොතක් හම්බ වෙන්නේ. ඒ පොත හම්බ වුණාට පස්සේ ඒ ගෙදර වෙන දේවල් තවත් භයානක වෙනවා. ඇත්තටම ඒ ගෙදර සිද්ධ වුණේ මොකක්ද? ඒ පොතේ තියෙන්නේ මොනවද? මේ යාළුවෝ දෙන්නාට මේ තත්ත්වයෙන් බේරෙන්න පුළුවන් වෙයිද?
ඒ හැමදේම දැනගන්න නම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. බය නැති අයට හොඳ සත්‍ය කතාවක්!
