Image Not Found

Vadakkan (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ෆින්ලන්තයේ ඉඳන් වැඩ කරන පැරනෝමල් ඉන්වෙස්ටිගේටර් කෙනෙක් ඉන්නවා, නම රාමන් කියලා. එයාට හදිසියේම සිද්ධ වෙනවා කේරළයේ තියෙන අද්භූත දූපතකට යන්න.

ඇයි දන්නවද? එහෙ තිබ්බ රියැලිටි ටීවී ෂෝ එකක සෙට් එකකට හරිම අභිරහස් විදියට මරණ ගොඩක් සිද්ධ වෙලා. හැබැයි මේවා සාමාන්‍ය මරණ නෙවෙයි, පිටිපස්සේ තියෙන්නේ අවුරුදු 4000කට වඩා පැරණි, ඉන්දු නිම්න ශිෂ්ටාචාරය දක්වා දිවෙන පුරාණ සංස්කෘතික චාරිත්‍ර සහ අඳුරු රහස් ගොඩක්.

රාමන් මේ ගැන හොයන්න යනකොට තේරෙනවා, මේක නිකන්ම නිකන් ආත්ම හොයන වැඩක් නෙවෙයි කියලා. එයා මේ දූපතේ තියෙන භයානක ද්‍රවිඩ සංස්කෘතියක නපුරු බලවේගයක් එක්ක හැප්පෙන්න යනවා.

ඇත්තටම, එයා හොයන්නේ මරණවලට හේතුව විතරක්ද, නැත්නම් කාලයක් තිස්සේ එයා එනකල්ම බලාගෙන හිටපු තමන්ගේම අතීතයේ අභිරහසක්ද?

මේ ගමන එයාට ආපස්සට එන්න බැරි තරම් භයානක අඳුරකට ඇදගෙන යයිද? ඒක දැනගන්න නම් වඩක්කන් (Vadakkan) බලන්නම වෙනවා!

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.