Image Not Found

Australia (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි


1939 අවුරුද්ද. ලෝක යුද්ධයට කලින්.
ඉංග්‍රීසි ආදිපාදවරියක් වෙන ලේඩි සාරා ඈෂ්ලි ඔස්ට්‍රේලියාවට එන්නේ එයාගේ සැමියාට අයිති ‘Faraway Downs’ කියන විශාල ගොවිපොළ විකුණන්න. එයාට ඕනේ අර කරදරකාරී තැනින් අත්මිදෙන්න.

නමුත්, එයා ඔස්ට්‍රේලියාවට ආවම තමයි දැනගන්නේ, සැමියා අභිරහස් විදිහට මරලා කියලා. ඒ විතරක් නෙවෙයි, ගොවිපොළේ කළමනාකරු රහසින්ම ඒක අත්පත් කරගන්න කුමන්ත්‍රණයක.
දැන් මේ ලේඩි සාරාට සිද්ධ වෙනවා රළු පෙනුමැති, අමුතුම විදිහේ දක්ෂ ගව පාලකයෙක් එක්ක එකතු වෙලා ගොවිපොළේ ඉන්න ගවයෝ 2000ක් දුෂ්කර භූමි ප්‍රදේශයක් හරහා ඩාර්වින් නගරය දක්වා එළවාගෙන යන්න.

මේ අභියෝගාත්මක ගමන අතරේ, මේ දෙදෙනාට අහිංසක අර්ධ-වර්ගයේ කොල්ලෙක්වත් බලාගන්න වෙනවා. ඒ වගේම, ඔවුන් මුහුණ දෙනවා සමාජයේ පීඩාවන්ට, නොසිතූ යුද ප්‍රහාරයකට සහ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයකට!

මේ යුරෝපීය කාන්තාවටයි, රළු ඕස්ට්‍රේලියානු කව්බෝයිවරයාටයි මේ ගමන සාර්ථක කරගන්න පුළුවන් වෙයිද? ඔවුන්ගේ ජීවිත මේ ගමනින් පස්සේ වෙනස් වෙන්නේ කොහොමද? බලන්නම වෙනවා!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.