
Clown (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි
“Clown” කියන්නේ හිත පතුලටම බය හිතෙන කතාවක්. කෙන්ට් මැක්කොයි කියන සාමාන්‍ය පවුල්කාර තාත්තා, දවසක් පුතාගේ උපන්දිනයට ක්ලවුන් කෙනෙක් හොයාගන්න බැරි වුණාම, ගෙදර තිබිලා හම්බවෙන පරණ ක්ලවුන් ඇඳුමක් ඇඳගෙන පාටියට යනවා. එතනින් පස්සේ තමයි සෙල්ලම පටන් ගන්නේ!
මේ ඇඳුම ගලවන්න කොච්චර හැදුවත් බැහැ. ඒක එයාගේ ඇඟට ඇලිලා ගිහින්. නහය, විග් එක, හැමදෙයක්ම ශරීරයේ කොටස් බවට පත්වෙන්න පටන් ගන්නවා. මේක නිකම් ඇඳුමක් නෙවෙයි, අවුරුදු ගාණකට කලින් හිටපු ළමයින්ව ගිලින භූතයෙක්ගේ හම කියලා දැනගන්න කෙන්ට් ටිකෙන් ටික බයංකාර විදියට වෙනස් වෙනවා.
දැන් කෙන්ට්ට තේරෙනවා තමන්ට දරුවන්ව කන්න ඕනෙ කියන කුරිරු ආශාව ඇතිවෙලා කියලා. ඇඳුම එයාගේ පාලනය අරගෙන! මේ ශාපයෙන් බේරෙන්න පුළුවන් එකම විදිය ගැන හොයන එයාගේ බිරිඳ මේග්ට තේරෙනවා තමන්ගේ ආදරණීය සැමියාව බේරගන්න නම් බයංකාරම තීරණයක් ගන්න සිද්ධ වෙනවා කියලා.
කෙන්ට්ව බේරගන්න පුරාවෘත්තයේ තියෙන භූතයාව එයාට පරද්දන්න පුළුවන් වෙයිද? නැත්නම් ක්ලවුන් භූතයා කෙන්ට්ගේ පවුලේ අයවත් ගොදුරු කරගනියිද? මේ බිහිසුණු විපර්යාසය පිටිපස්සේ තියෙන ඇත්ත කතාව දැනගන්න ඔයාටත් හිතේ කුතුහලයක් ඇතිවෙනවා නේද? එහෙනම් මේ චිත්‍රපටිය බලන්න!
