
The House That Jack Built (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ඔන්න යාළුවනේ, මේ කතාව යන්නේ අවුරුදු 12ක් පුරාවට වොෂින්ටන් ප්‍රාන්තය පුරාම බිහිසුණු මිනී මැරුම් ගොඩක් කරන ජැක් (Jack) කියන දක්ෂ අනුක්‍රමික ඝාතකයා වටේ. ඌ ඉංජිනේරුවෙක්, හැබැයි ගෘහ නිර්මාණ ශිල්පියෙක් වෙන්නත් ආසාවෙන් ඉන්න කෙනෙක්.
ජැක් තමන් කරපු දරුණු අපරාධ පහක් ගැන වර්ජ් (Verge) කියන අද්භූත කෙනෙක් එක්ක කතා කරනවා. මේ මිනී මැරුම් පහ ජැක්ට අනුව, ඌ කරපු “කලා නිර්මාණ” වගේ. ඇත්තටම ජැක්ට ඕනේ, ඒ මිනී මැරුම්වලින් ඌ හිතේ මවාගෙන ඉන්න “පරිපූර්ණ ගෙදර” හදන්න.
ජැක් හිතන්නේ ඌ කරන හැම ඝාතනයක්ම අමුතු විදියේ කලා කෘතියක් කියලා. ඌ මේ හැමදේම කරන්නේ, තමන්ගේ OCD එකයි, අමුතු විදියේ තියෙන පරමාදර්ශී දේවල් පස්සේ යන ගතියයි නිසා. වෙලාවකට ඌ හරිම අවුල්. ඒත් ඌ පොලිසියට අහුවෙන්න ඔන්න මෙන්න තියෙද්දිත්, පුදුම විදිහට බේරෙනවා.
අවසානයේදී, පොලිසිය ඌව වටලද්දී, ජැක් උගේම “නිර්මාණ” වලින් හදපු, සිරුරු වලින් හදපු අමුතුම ගෙදර ඇතුළට යනවා. එතනින් පස්සේ මොකද වෙන්නේ? ජැක් හීනෙකින්වත් නොහිතන විදියේ ගමනක් යන්න ඌට සිද්ධ වෙනවා… ඒක ටිකක් දරුණුයි, ඒ වගේම හිතාගන්න බැරි දෙයක්!
