Image Not Found

Upside-Down Magic (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි

අපේ ප්‍රධාන චරිතේ තමයි නෝරි. එයාට පුළුවන් සත්තු බවට හැරෙන්න. හොඳම යාළුවා රේනාට පුළුවන් ගින්දර පාලනය කරන්න. මේ දෙන්නා මැජික් ඉගෙන ගන්න සුපිරිම පාසලක් වෙන ‘සේජ් ඇකඩමියට’ යනවා.

හැබැයි වැඩේ කියන්නේ… රේනා ගිනි පාලනය කරන්න දක්ෂ නිසා එයාට ‘Honors Flare’ කියන හොඳම පන්තිය ලැබෙනවා.
නෝරිට හැරෙන්න පුළුවන් වුණාට හරියටම එක සතෙක් විතරක් වෙන්න බෑනේ. සමහර වෙලාවට එයා අමුතු දෙමුහුන් සතෙක් වෙනවා! මේ නිසා එයා වැටෙන්නේ ‘Upside-Down Magic’ (UDM) කියන අමුතුම පන්තියට. මේ ඇකඩමියේ අය හිතන්නේ මේ UDM ළමයි ලොකු අවදානමක් කියලා

ඒත් නෝරි නම් කොහොමත්ම අතාරින්න සූදානම් නෑ. එයායි, එයාගේ අනිත් UDM යාළුවොයි එකතු වෙලා ඔප්පු කරන්න හදනවා, එයාලගේ අමුතු මැජික්වලත් ලොකු බලයක් තියෙනවා කියලා.

හැබැයි මේ අතරේ ඇකඩමියට භයානක ‘Shadow Magic’ එකක් එනවා. මේක හැමදේම අවුල් කරලා දාන්න ලෑස්තියි.

දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ… සාමාන්‍ය මැජික්වලට මේක පාලනය කරන්න පුළුවන්ද? නැත්නම් හැමෝම අවතක්සේරු කරපු මේ ‘අවුල් සහගත’ UDM මැජික් එකට විතරක්ද මේ අනතුර නවත්තන්න පුළුවන් වෙන්නේ? ෆිල්ම් එක බලලම දැනගන්නකෝ!

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.