
The Ledge (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි
කතාව කෙලින්ම පටන් ගන්නේ කෙලී කියන කෙල්ලගේ ජීවිතේ හිතන්නවත් බැරි විදිහට වෙනස් වෙන තැනින්.
කෙලීයි එයාගේ යාලුවයි කඳු නගින්න ගිහින් ඉන්න වෙලාවක, අහම්බෙන් වගේ මෙයාලට අලුතින් හඳුනාගත්ත පිරිමි කණ්ඩායමකට මුහුණ දෙන්න වෙනවා.
දෙන්නා එකට ගියත්, කෙලී ටිකක් කලින් විවේක ගන්න යනවා. අර කට්ටියයි කෙලීගේ යාලුවයි තනියම ඉන්න වෙලාවක බරපතල අපරාධයක් වෙනවා.
කෙලී මේ දේ කැමරාවේ රෙකෝඩ් කර ගන්නවා. හැබැයි අර මිනීමරුවන්ට මේක අහුවෙනවා. දැන් එයාලගේ එකම ඉලක්කය වෙන්නේ සාක්ෂි අයින් කරන එක.
බය වෙච්ච කෙලී, ඒ පිරිමි කණ්ඩායමගෙන් බේරෙන්න එකම විකල්පය විදිහට තෝරගන්නේ ලොකු කඳු බෑවුරක් දිගේ උඩට නගින එක.
හිතන්න! එයා කන්ද උඩට නගිනවා, හැබැයි මිනීමරුවෝ එයාට යන්තම් අඩි 20 ක් වගේ දුරකින් පහළ ඉඳන් ලුහුබඳිනවා.
මේක නිකන් ලේසි ගමනක් නෙවෙයි. හිමෙන් වැහිලා, සීතලෙන් මිදිලා ගියපු කන්දක, ජීවිතේ බේරගන්න කරන දරුණුම අරගලයක්! කෙලීට මේ මාරාන්තික “හොරයි පොලීසියි” සෙල්ලමෙන් බේරෙන්න පුළුවන් වෙයිද?
ඇත්තටම කියන්න, මේක ඔබට පුටුවේ අද්දරට වෙලා බලන්න වෙන තත්ත්වයකට පත් කරන සුපිරි සර්වයිවල් ත්රිලර් එකක්! අනිවාර්යයෙන් බලන්න! 👍
