Image Not Found

White Elephant (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි

White Elephant (2022) කතාව ගෙතිලා තියෙන්නේ ගේබ්‍රියල් ටැන්ක්‍රෙඩි (Gabriel Tancredi) වටා. මූ කලින් මැරීන් කෙනෙක්, හැබැයි දැන් ඉන්නේ දරුණු මාෆියා ලොක්කෙක් වෙන ආර්නෝල්ඩ් සොලමන් (Arnold Solomon) ගේ ප්‍රධාන ගැටුම් විසඳන්නා විදියට. එහෙම කිව්වේ, ඌ තමයි ලොක්කාගේ වැඩ කටයුතු “අස්පස්” කරන්නේ.

දවසක් ආර්නෝල්ඩ්ගේ අණ දුන්න මිනීමැරුමක් දෙන්නෙක් ඇස් දෙකෙන්ම දකිනවා. ඒ දෙන්නා වෙන කවුරුත් නෙවෙයි, පොලිස් නිලධාරීන් දෙන්නෙක්. ඉතින් දැන් ආර්නෝල්ඩ්ට ඕනෙ වෙන්නේ කිසිම සාක්ෂියක් ඉතිරි නොකර මේ දෙන්නව නැති කරලා දාන්න.

මේ භයානක මෙහෙයුම බාර වෙන්නේ අපේ ගේබ්‍රියල්ට. හැබැයි මෙතනදී තමයි කතාව වෙනස් වෙන්නේ. ගේබ්‍රියල්ට පොලිස් නිලධාරිනියක් වෙන වනේසාව බේරගන්න හිතෙනවා. ඒ වෙනුවෙන් තමන්ගේ “කොඩ් ඔෆ් කන්ඩක්ට්” එක කඩන්න එයා තීරණය කරනවා.

දැන් තත්ත්වේ මෙහෙමයි: ගේබ්‍රියල් ලොක්කාට විරුද්ධයි. ඒ වගේම ලොක්කාගේ අලුත්ම ගෝලයත් ඉන්නේ ගේබ්‍රියල්ගේ කර පිටින් ගිහින් තමන්ගේ හැකියාව ඔප්පු කරන්න. මේ මිනීමැරුම් දාමයේදී ගේබ්‍රියල් ගන්න හැම තීරණයක්ම තමන්ගේ ජීවිතේටත්, වැනේසාගේ ජීවිතේටත් තර්ජනයක් වෙනවා.

මුල ඉඳන්ම ගේබ්‍රියල්ට සිද්ධ වෙනවා පරණ යාළුවාටයි, ලෝකෙටමයි මුහුණ දෙන්න!
අන්තිමට මොකක් වෙයිද? ගේබ්‍රියල්ට පුළුවන් වෙයිද වැනේසාව බේරගෙන මේ මාෆියා ග්‍රහණයෙන් මිදෙන්න? මේ ඇක්ෂන් පාර පට්ටම ආතල් එකක් දේවි! බලලම දැනගන්නකෝ!

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.