Image Not Found

Goal! The Dream Begins (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි

සැන්ටියාගෝ මුනෙස් කියන්නේ ලොස් ඇන්ජලීස් වල දුප්පත් පැත්තක ඉන්න, පාපන්දු පිස්සුවෙන් ජීවත් වෙන කොල්ලෙක්. එයා හැමදාම හීන දැක්කේ ලෝක මට්ටමේ පාපන්දු ක්‍රීඩකයෙක් වෙන්න.

නමුත් එයාගේ තාත්තාට ඕන වුණේ පුතා එයාගේ ගෙවතු ව්‍යාපාරයට එකතු වෙනවා දකින්න. සන්තියාගෝගේ හීනය ගැන තාත්තා හිතුවේම නැහැ.

මේ අතරේ, වාසනාවට වගේ, එංගලන්තයේ නිව්කාසල් යුනයිටඩ් (Newcastle United) කියන ප්‍රධාන පාපන්දු සමාජයක හිටපු ක්‍රීඩකයෙක් සන්තියාගෝව අහම්බෙන් දකිනවා. එයාට පුදුම අවස්ථාවක් ලැබෙනවා එංගලන්තයට ගිහින් ට්‍රයල් එකකට මුහුණ දෙන්න.

දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ගමන යන්න සල්ලි හොයාගන්නේ කොහොමද කියන එක. ඒත් සන්තියාගෝගේ ආච්චිගේ උදව්වෙන් එයා කොහොමහරි එංගලන්තයට යනවා.
එංගලන්තයට ගියාට පස්සේ එයාට තේරෙනවා ලෝක මට්ටමේ ක්‍රීඩකයෙක් වෙන එක ලේසි නැහැ කියලා. දේශගුණික තත්ත්ව, කණ්ඩායමේ අභියෝග, එයාගේම සෞඛ්‍ය ප්‍රශ්න වගේ ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න වෙනවා.

දක්ෂතා විතරක් මදි, කැපවීම, අධිෂ්ඨානය වගේම විශ්වාසයත් ඕන වෙනවා මේ හීනය දිනන්න. සන්තියාගෝ මේ හැම බාධකයක්ම පහු කරගෙන එයාගේ ගෝලය (Goal) කරා යයිද?
දැන්ම බලන්න, මේක ඇත්තටම හදවතට දැනෙන කතාවක්!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.