
Bambi II (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ඔරිජිනල් “බැම්බි” චිත්රපටයේ, බැම්බිගේ අම්මා නැතිවෙන සිදුවීම ඔයාලට මතක ඇතිනේ. මේ “බැම්බි II” කතාව ගෙතිලා තියෙන්නේ එතන ඉඳලා, බැම්බි තරුණ මුවෙක් වෙනකම් තියෙන කාලය ඇතුළත.
අම්ම නැති වුණාට පස්සේ, පොඩි බැම්බිගේ වගකීම භාර වෙන්නේ මහා වනාන්තරයේ කුමාරයා (The Great Prince) වෙන එයාගේ තාත්තාට.
මේක තමා ඇත්තම අභියෝගය!
තාත්තා කියන්නේ හරිම නිහඬ, හරිම බරපතළ චරිතයක්. එයා අවුරුදු ගාණක් තිස්සේ වනාන්තරයේ නායකයා විදිහට හිටියට, තමන්ගේ පුතා එක්ක කොහොම සම්බන්ධයක් පවත්වන්නද කියලා දන්නේ නැහැ.
අහිංසක බැම්බිට ඕන වෙලා තියෙන්නේ තාත්තගේ ආදරය දිනාගන්න, එයාට ආඩම්බර වෙන්න පුළුවන් පුතෙක් වෙන්න. හැබැයි, පොඩි දේවල් වලින් වුණත් අසාර්ථක වෙනකොට, බැම්බිගේ හිතේ සැකයක් ඇති වෙනවා… ඇත්තටම තාත්තා මට ආදරේද? කියලා.
වීරයා වගේ ඉන්න තාත්තාට පුළුවන් වෙයිද පුතෙක්ගේ තාත්තා කෙනෙක් වෙන්න? පොඩි බැම්බිට පුළුවන් වෙයිද මේ දැවැන්ත නායකයගේ හිත දිනාගන්න? මේ දෙන්නාගේ බැඳීම හැදෙන්නේ කඳුළු, සතුට සහ නොයෙක් වික්රම මැදින්! බලන්නකෝ මේ දෙන්නාගේ සංවේදී කතාව!
