Image Not Found

Kingsglaive: Final Fantasy XV (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ඒ මේ කතාව යන්නේ ලුසිස් කියලා රාජධානියක. මේක ආරක්ෂා වෙන්නේ ‘මැජික්’ බලයක් තියෙන ක්‍රිස්ටල් එකකින් සහ රජතුමාගේ බලයෙන් පවතින ආරක්ෂක වැටකින්.

නමුත් අවුරුදු ගාණක් තිස්සේ යුද්ධ කරන නිෆල්හයිම් අධිරාජ්‍යය හදිසියේම සාම ගිවිසුමකට එන්න යෝජනා කරනවා. ඒකට තියෙන ප්‍රධානම කොන්දේසියක් තමයි, ලුසිස් රජතුමාගේ පුතා වන කුමාරයාට ටෙනෙබ්‍රේ වල කුමරිය වන ලුනාෆ්‍රේයා විවාහ කරලා දෙන්න ඕනේ කියන එක.

මේ අතරතුර රජතුමාට විශ්වාසවන්ත ‘කිංස්ග්ලේව්’ කියලා විශේෂ බලකායක් ඉන්නවා. ඒකේ ප්‍රධානම සෙබළෙක් තමයි නික්ස් උල්රික්. මෙයා මේ ගිවිසුම ගැන විශ්වාස කරන්නේ නැහැ. එයාට හිතෙන්නේ මේක මොකක් හරි උගුලක් කියලා.

අන්තිමේදී, ගිවිසුමට අත්සන් තියන දවසේ, නිෆල්හයිම් හිතුවා වගේම ලුසිස් රාජධානියට රහසින් පහර දෙනවා. ඇත්තටම එයාලගේ ටාගට් එක වෙන්නේ ක්‍රිස්ටල් එක සහ රජතුමා ළඟ තියෙන පුදුම බලයක් තියෙන මුදුවක්.

දැන් නික්ස්ට කරන්න වෙන්නේ නගරය ඇතුළේ ඇතිවෙන මේ දරුණු සටන මැද්දේ, රාජද්‍රෝහීන් සහ දරුණු සතුරන්ගෙනුත් බේරිලා, කුමරියවත්, අර මුදුවත් ආරක්ෂා කරගෙන මේ හැමදෙයක්ම අවසන් කරන්න.

ඇත්තටම මේ යුද්ධයෙන් ලුසිස් වලට මොකද වෙන්නේ? නික්ස්ට මේ දේවල් නවත්තන්න පුළුවන් වෙයිද? ඒක බලන්නම වෙනවා!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.