Image Not Found

ලාරා ක්‍රොෆ්ට් කියන්නේ හරිම දක්ෂ පුරාවිද්‍යාඥවරියක්. මුහුද යට තිබිලා අහම්බෙන් හම්බෙනවා ඇලෙක්සැන්ඩර් මහා රජුගේ නිධානයක්. එතන තිබුණා හරිම වැදගත් මැජික් බෝලයක්, ඒක තමයි පැන්ඩෝරාගේ පෙට්ටිය තියෙන තැනට යන සිතියම.
නමුත් මේක හොයන තවත් කෙනෙක් ඉන්නවා, ඒ තමයි ජොනතන් රයිස්. එයා භයානක ජෛව-අවි ජාවාරම්කාරයෙක්.

රයිස්ගේ සැලැස්ම තමයි ඒ පෙට්ටිය අරගෙන, ඒක ඇතුළේ තියෙන ලෝක විනාශ කරන වසංගතය මුදාහරින්න!

ලාරා මේක නවත්තන්න MI6 සංවිධානයත් එක්ක එකතු වෙනවා. එයාට උදව්වට හිටපු පෙම්වතා වගේම හිටපු කුලී හේවායෙක් වන ටෙරී ෂෙරිඩන්වත් හිරෙන් නිදහස් කරගන්නවා.
ලාරායි, ටෙරීයි දෙන්නා එකතු වෙලා මේ අද්භූත බෝලෙ හොයාගෙන චීනයේ ඉඳලා අප්‍රිකාව දක්වා ලෝකය පුරා යනවා. මේක මාරම තරඟයක්! රයිස්ට කලින් ගිහින් ඒ පුරාවෘත්තගත ජීවන තොටිල්ල (‘Cradle of Life’) හොයාගන්න ලාරාට පුළුවන් වෙයිද?

අන්තිමට ඒ අභිරහස් තැනට ගිහින්, රයිස්ගෙන් ලෝකය බේරගන්න ලාරා දරන උත්සාහය ගැන තමයි මේ කතාව.

නියම ඇඩ්වෙන්චර් එකක්! බලනකොටම දැනගන්න පුළුවන් වෙයි කතාවේ අවසානය කොහොම වෙයිද කියලා.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.