Image Not Found

ෂැ. ෂැ. ෂැ… අලුත් රස්සාව භාරගන්න ආපු ගමන්ම ඇන ගත්තා කියන්නේ මේකට තමයි!
මේ කතාවේ ප්‍රධාන චරිතේ තමයි සෑම් කීනන්. ඔහු නාවික හමුදාවේ ඉහළ නිලධාරියෙක්. එයාව පත් කරලා තියෙන්නේ යුද්ධයෙන් වගේම දේශපාලන අර්බුදවලින් පිරිලා තියෙන නැගෙනහිර යුරෝපීය රටක තියෙන ඇමරිකානු තානාපති කාර්යාලයේ තානාපතිගේ දෙවන අණදෙන නිලධාරියා විදිහට.

සෑම් එහෙට යන දවසෙම රටේ ඇතිවෙන්නේ දරුණු කැරැල්ලක්. කැරලිකාරයෝ පාලනය අල්ලගන්න හදනවා. අලුතින් පත් වුණු ජනාධිපතිවරයාට ජීවිත තර්ජන එල්ල වෙනවා. ඉතින්, කරන්න දෙයක් නැති තැන ඔහු ආරක්ෂාව ඉල්ලාගෙන දුවගෙන එන්නේ ඇමරිකානු තානාපති කාර්යාලය ඇතුළට!

ඒත් එතැනින් කතාව ඉවර වෙන්නේ නෑ. ටික වෙලාවකින් තානාපති කාර්යාලය වටලන කැරලිකරුවන්ගේ ලොකු හමුදාවක්, ඇතුළට ඇවිත් ජනාධිපතිවරයාව අරගෙන යන්න හදනවා. ඒ අතරේ අනපේක්ෂිත සිදුවීමකින් තානාපතිතුමා මිය යනවා.

දැන් තත්ත්වය තවත් දරුණුයි. සෑම් කීනන් කියන්නේ දෙවන අණදෙන නිලධාරියානේ. ඉතින්, ඇතුළේ ඉන්න අතලොස්සක් සේවකයන් සහ මැරීන් සෙබළුන්ගේ ජීවිත වගේම ජනාධිපතිවරයාගේ ආරක්ෂාවත් ඔහුගේ කර පිටට වැටෙනවා.

සෑම්ට පුළුවන් වෙයිද? පිටතින් එන දරුණු ප්‍රහාරය නවත්වලා, මේ හැමෝම බේරගෙන තානාපති කාර්යාලය ආරක්ෂා කරගන්න? ආධාර ලැබෙන්න පැය ගණනක් තියෙද්දී තනියම සටන මෙහෙයවන්න වෙන මේ වීරයාගේ ඉරණම මොකක් වෙයිද?

වැඩේ බලාගන්න වෙනවා. එහෙනම් බලමු… මොකද වෙන්නේ කියලා!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.