Image Not Found

මේ කතාවෙන් කියවෙන්නේ අපේ පීටර් පාකර් (Peter Parker) ස්පයිඩර්-මෑන් විදියට වැඩ කරන අතරේ එයාගේ පෞද්ගලික ජීවිතේ අතිවිශාල ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන හැටි. හැමදාම ප්‍රශ්න, මුදල් හිඟකම්, ඉගෙනීමේ වැඩ මග ඇරීම් වගේ දේවල් නිසා එයාට මහන්සියි.

මේ අතරේ, දක්ෂ විද්‍යාඥයෙක් වන ඔටෝ ඔක්ටේවියස් (Otto Octavius) දරුණු අනතුරකට මුහුණ දෙනවා. එයා අඳින කෘත්‍රිම බාහු (mechanical tentacles) හතර එයාගේ ඇඟට ස්ථිරවම සම්බන්ධ වෙලා, එයාගේ මනසත් විකෘති කරනවා. එතකොට එයා අලුත් සතුරෙක් වෙනවා – ඩොක්ටර් ඔක්ටෝපස් (Doctor Octopus).

පීටර්ට මේ දේවල් එක්ක බැලන්ස් වෙන්න අමාරු වෙනවා. එයාගේ හොඳම යාළුවා හැරී (Harry) ස්පයිඩර්-මෑන්ට වෛර කරනවා. ඒ වගේම, එයාගේ ආදරවන්තිය මේරි ජේන් (Mary Jane) වෙන කෙනෙක්ව බඳින්න යනවා.

මේ හැම ප්‍රශ්නෙකම මැද, පීටර් තීරණයක් ගන්නවා… එයාට මේ ස්පයිඩර්-මෑන් කියන භූමිකාව තවදුරටත් කරන්න පුලුවන්ද? නැත්නම් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න එයා මේ හැමදේම අතාරිනවද?

අන්තිමට එයාට ඩොක්ටර් ඔක්ටෝපස්ව නතර කරන්න පුළුවන් වෙයිද? ඒ වගේම මේරි ජේන්ගේ හිත දිනා ගන්න අවස්ථාවක් ලැබෙයිද? ඔයාලම බලන්නකෝ!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.