
“I’m Thinking of Ending Things” කියන්නේ සාමාන්‍ය කතාවක් නෙවෙයි.
කතාව පටන් ගන්නේ තරුණියක් ඇගේ පෙම්වතා වන ජේක් (Jake) එක්ක ගමනක් යන තැනින්. අදහස තමයි ජේක්ගේ දෙමාපියන්ව හමුවෙන්න යන එක. හැබැයි මේ ගමන පුරාවටම, හිමේ තද සීතල මැද යන කාර් එක ඇතුළේදී, ඇයගේ හිතේ තියෙන්නේ එකම දෙයක් විතරයි – මේ සම්බන්ධය අවසන් කරන එක ගැන.
ජේක්ගේ ගොවිපොළේදී දෙමාපියන්ව මුණගැහෙනවා. ඒත් මේ හමුවීම නම් මාරම අමුතුයි. මොකද, මේ දෙමාපියන් එක තත්පරේට තරුණ වෙනවා, ඊළඟට වයසට යනවා. තරුණියගේ නම, රැකියාව, ජේක්ව හම්බවෙච්ච හැටි පවා හැම වෙලාවෙම වෙනස් වෙනවා. එතන ඉඳන් තත්ත්වේ තවත් අවුල් ජාලයක් වෙනවා.
දෙදෙනා ආපහු එන්න පටන් ගත්තත්, හිම කුණාටුව නිසා ඔවුන්ව හිරවෙන්නේ අමුතුම තැනක. එතකොට තමයි තේරෙන්නේ… මේ ඔක්කොම සිදුවීම් පිටිපස්සේ වෙනම කතාවක් තියෙනවා. ඒ කතාවට පාසලක ඉන්න පිරිසිදු කරන්නෙක් (Janitor) පවා සම්බන්ධයි.
ඇත්තටම මේ තරුණිය කවුද? ජේක් කවුද? මේ මුළු ගමනම යන්නේ කොහෙටද? මේ චිත්‍රපටය ඉවර වෙනකොට ඔයාටත් හිතෙයි, “මොකක්ද බං මේ මම බැලුවේ?” කියලා. ඒක අර ඔළුව අවුල් කරන, ගැඹුරට හිතන්න වෙන අත්දැකීමක්! අන්තිම මොහොත වෙනකම් ඔයාට ඒක දැනෙයි.
