Image Not Found

Get Rich or Die Tryin’ (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි

කෙටියෙන් කිව්වොත් මේක මාකස් ග්‍රියර් (Marcus Greer) කියන කොල්ලගේ කතාව. මේ චිත්‍රපටියට $50$ සෙන්ට්ගේ (50 Cent) ජීවිතේ සිදුවීම් ටිකක් පාදක වෙලා තියෙනවා.

මාකස් පොඩි කාලේ ඉඳන්ම සිහින මැව්වේ රැප් ගායකයෙක් වෙන්න. ඒත් අම්මව මරලා දාපු දවසෙ ඉඳන්, එයාගේ ජීවිතේ උඩු යටිකුරු වෙනවා. ජීවත් වෙන්න සල්ලි ඕන නිසා එයා මත්ද්‍රව්‍ය විකුණන මාෆියාවට සම්බන්ධ වෙනවා.

දැන් මාකස්, හිතුවාටත් වඩා හොඳට සල්ලි හොයනවා. හැබැයි මේ අඳුරු ලෝකේ එයාට එපා වෙනවා. කොහොම හරි, හිරේ ඉන්න කාලේ එයා තීරණය කරනවා මේ නරක වැඩ ඔක්කොම නවත්තලා, තමන්ගේ හීනේ පස්සේ යන්න.

හැබැයි, මේ ලෝකෙන් එලියට යන්න එච්චර ලේසි නැහැ. පුළුවන් නම්, “පොහොසත් වෙන්න” නැත්නම් “ඒ උත්සාහයේදී මැරෙන්න” කියන රීතිය මෙතන ක්‍රියාත්මක වෙනවා. මේ ගේම් එකෙන් එලියට යන්න හදන මාකස්ට වෙඩි වදිනවා.

මාකස් ජීවත් වෙයිද? ජීවත් උනොත් එයාට තමන්ගේ සංගීත සිහිනය සැබෑ කරගන්න පුළුවන් වෙයිද? එයාගේ පරණ යාළුවෝ එයාට නිකම්ම යන්න දෙයිද? බලන්න, ඊටපස්සේ තේරෙයි මේ කතාව මොනවගේ එකක්ද කියලා.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.