
Invincible (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේක ඇත්ත සිදුවීමක් ඇසුරෙන් හදපු ෆිල්ම් එකක්.
කතාව තියෙන්නේ වින්ස් පැපාලේ (Vince Papale) කියන සාමාන්‍ය මිනිහා වටා. මනුස්සයා බාර් එකක වැඩ කරන ගමන් අමතර ගුරුවරයෙක් විදිහටත් වැඩ කරනවා. හැබැයි, ජීවිතේ එච්චර සාර්ථක නැහැ. වින්ස්ගේ වයිෆ් දවසක් මිනිහව දාලා යනවා. ඒ වෙලාවෙම තමයි ගුරු රැකියාවත් නැති වෙන්නේ. අන්න එතකොට තමයි වින්ස් අසරණ වෙන්නේ.
මේ අතරේදී, ෆිලඩෙල්ෆියා ඊගල්ස් (Philadelphia Eagles) කියන ප්‍රසිද්ධ ඇමරිකානු පාපන්දු කණ්ඩායමට අලුතින් ආපු පුහුණුකරු ඩික් වර්මෙයිල් (Dick Vermeil) හැමෝටම විවෘත අත්හදා බැලීමකට (open tryout) අවස්ථාව දෙනවා.
වින්ස්ට අවස්ථාවක් ලැබෙයි කියලා කිසිම කෙනෙක් හිතන්නේ නැහැ. මනුස්සයාට අවුරුදු තිහයි, ඒ වගේම විද්‍යාලීය මට්ටමේවත් පාපන්දු ක්‍රීඩා කරලා නැහැ.
ඔහුගේ යාළුවෝ සහ ආස කරන අයගේ බලකිරීම මත, වින්ස් කොහොම හරි මේ අත්හදා බැලීමට යනවා.
ඒත්… පුදුමේ කියන්නේ, එතන ඉන්න දහස් ගණන් අතරින් වින්ස් තෝරා ගන්නවා! එයාගේ වේගයයි, දක්ෂතාවයයි දැකලා පුහුණුකරු තීරණේ කරනවා වින්ස්ට කණ්ඩායමේ පුහුණුවීම්වලට එන්න කියලා.
දැන් මේ බාර්ඩෙන්ඩර්ට සිද්ධ වෙනවා වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන් එක්ක උරෙන් උර ගැටෙන්න. හැමෝම බලන් ඉන්නේ මෙයා අසාර්ථක වෙනකම්. මේක එයාට ලොකු අභියෝගයක්.
වින්ස් පැපාලේට පුළුවන් වෙයිද තමන්ගේ හීනය දිනාගෙන, විවේචන මැද කණ්ඩායමේ ස්ථිර තැනක් ගන්න? එයාට පුළුවන් වෙයිද හැමෝටම “නොදෙවෙනි” කෙනෙක් වෙන්න?
ෆිල්ම් එක බලලාම දැනගමු!
