Image Not Found

The Silence (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි

හිතන්න, එකපාරටම ලෝකෙට අමුතු සත්තු ජාතියක් එනවා. මේ සත්තුන්ට ඇස් පේන්නේ නෑ, හැබැයි පොඩිම සද්දෙට පවා හොඳට ඇහෙනවා, ඊටපස්සේ ඒ සද්දෙ ආපු පැත්තට වේගයෙන් ඇවිත් සද්ද කරපු කෙනාව දඩයම් කරනවා.

දැන් මුළු ලෝකෙම නිශ්ශබ්දයි. හුස්ම ගන්න සද්දෙ ඇහුනත් වැඩේ ගජරාමෙට අමාරුයි.
මේ අතරේ ඇන්ඩෘස් පවුල ඉන්නවා, ඒ පවුලේ අවුරුදු 16ක ඇලී කියන දුවට අවුරුදු ගාණකට කලින් වුණු අනතුරකින් ඇහීම නැති වෙලා. ඉතින් එයාලා ඔක්කොම ඉගෙනගෙන තියෙනවා සන් සයින් (Sign Language) වලින් කතා කරන්න. ඒ නිසා මුළු ලෝකෙම නිශ්ශබ්දතාවට හුරු වෙද්දී, එයාලට ඒක ටිකක් ලේසියි.

ඒත් මේ පවුල නගරෙන් පිට වෙලා, ආරක්ෂිත තැනකට යන්න හදන ගමනේදී තමයි නියම භයානක දේවල් වෙන්නේ. සත්තු එක්ක හැප්පෙන්න වෙනවා වගේම, මේ අලුත් ලෝකෙ ඇතිවෙලා තියෙන මනුෂ්‍ය තර්ජනවලටත් මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම අමුතු විදියේ ආගමික කල්ට් එකක් ඇලී පස්සෙන් එනවා. මොකද එයාලා හිතනවා ඇලීගේ මේ තත්ත්වය එයාලගේ අරමුණු වෙනුවෙන් ප්‍රයෝජනයට ගන්න පුළුවන් කියලා.

ඇලීටයි, පවුලටයි මේ තත්ත්වයෙන් බේරෙන්න පුළුවන් වෙයිද? මේ නිශ්ශබ්ද ලෝකේ ඇත්තටම කාටද වැඩිම තර්ජනයක් තියෙන්නේ? බලලාම දැනගමු!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.