Image Not Found

Dark Matter (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක ඇත්ත සිදුවීමක් මත පදනම් වුණු හිත කීරි ගැසෙන කතාවක්.
මේකේ ප්‍රධාන චරිතේ තමයි ලියු ෂින්ග්. චීනයෙන් ඇමරිකාවට ඇවිත් විශ්ව විද්‍යාලයක තාරකා විද්‍යාව හදාරන දක්ෂ කොල්ලෙක්. එයාගේ හීනේ නොබෙල් ත්‍යාගය දිනන එක.

පළවෙනි දවස් වලදි නම් හැමදේම හොඳයි. ප්‍රසිද්ධ මහාචාර්යවරයෙක් යටතේ එයාගේ වැඩ පටන් ගන්නවා. ලියු ෂින්ග් වැඩිපුරම උනන්දු වෙන්නේ “ඩාර්ක් මැටර්” ගැන පර්යේෂණ කරන්න.

ඒත් මේ ඩාර්ක් මැටර් ගැන එයාගේ අදහස්, එයාගේ ගුරුවරයාගේ ප්‍රසිද්ධ න්‍යායට හානිකරයි කියලා දැනෙන්න ගත්තම තමයි හැමදේම අවුල් වෙන්නේ. මහාචාර්යතුමා මෙයාව පහත් කරන්න, වැඩවලින් අයින් කරන්න බලනවා.

ලියු ෂින්ග්ට දැනෙනවා එයාගේ අනාගතේ, එයාගේ සිහිනය, මේ විශ්වවිද්‍යාලයේ දේශපාලනය නිසා නැතිවෙලා යනවා කියලා. එයාට මේ අසාධාරණය දරාගන්න බැරි වෙනවා.

දක්ෂ, නිහතමානී ශිෂ්‍යයෙක් තමන්ගේ හීනේ නැති වුණාම කොච්චර දුර යන්න පුළුවන්ද? ආඩම්බරය, කෝපය, අවසානේදී භයානක විදියට පුපුරා යන හැටි තමයි මේ චිත්‍රපටයෙන් පෙන්නන්නේ. බලපන්කෝ… තාරකා විද්‍යාව හදාරපු කෙනෙක්ගේ ජීවිතේ ඛේදජනකම හැරවුම!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.