Image Not Found

Just Like Heaven (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේකෙ ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. එක්කෙනෙක් තමයි ඩේවිඩ්, බිරිඳ නැතිවීමෙන් පස්සේ මානසිකව වැටිලා ඉන්න කෙනෙක්. අනික තමයි එලිසබෙත්, වැඩටම කැප වුණු දක්ෂ වෛද්‍යවරියක්.

ඩේවිඩ් අලුතෙන් බදු ගන්න මහල් නිවාසයකට ගියාම තමයි වැඩේ පටන් ගන්නේ. එයාට දකින්න ලැබෙනවා, එයාගේ ගෙදර ඇතුළේ එලිසබෙත් කියලා ගැහැනියක් ඉන්නවා. හැබැයි මේ එලිසබෙත් ටිකක් අමුතුයි… බිත්ති හරහා යන්න පුළුවන්, දොරවල් ඕනෙ නෑ වගේ. තමන් කවුද කියලා එයාට මතකත් නෑ.

දැන් ඩේවිඩ්ට විතරයි මෙයාව පේන්නේ! අනිත් හැමෝම හිතන්නේ ඩේවිඩ්ට පිස්සු කියලා.
එලිසබෙත්ට තදින්ම විශ්වාසයි එයා මැරිලා නැහැ කියලා. ඉතින් එයා ඩේවිඩ්ට බල කරනවා තමන් කවුද කියලා හොයන්න උදව් කරන්න කියලා.

දෙන්නා එකතු වෙලා මේ අද්භූත රහස පාද ගන්න ගමනක් යනවා. ඒ ගමනේදී තමයි කතාව ඇත්තටම හැරෙන්නේ. එතකොට එයාලාට තේරෙයි මේ දෙන්නා අතරේ තියෙන්නේ නිකම්ම නිකම් අහඹු හමුවීමක් නෙවෙයි, ඊට වඩා ගැඹුරු සම්බන්ධයක් කියලා. එතකොට මොකක් වෙයිද? ඇත්තටම එලිසබෙත් ජීවතුන් අතරද? එයාට නැති වුණ මතකය ආයෙත් ලැබේවිද? ඔයාලට දැනගන්න පුළුවන් වෙයි!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.