Image Not Found

Grown Ups (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක පටන් ගන්නේ අවුරුදු තිහකට කලින් ජූනියර් හයි බාස්කට්බෝල් චැම්පියන්ෂිප් එකක් දිනපු යාළුවෝ පස්දෙනෙක්ගෙන්. ඒ කට්ටියට තමයි ට්‍රේනින් දීලා තියෙන්නේ ‘බසර්’ කියලා කෝච් කෙනෙක්.

කාලය ගෙවිලා ගියාට පස්සේ, හැමෝම තමන්ගේ ජීවිත ගත කරනවා, හැබැයි ටිකක් වෙනස් විදිහට. මේ හැමෝම ආපහු එකතු වෙන්නේ එයාලගේ ආදරණීය කෝච් ‘බසර්’ හදිසියේ නැති වුණාට පස්සේ.

ඉතින්, එයාලා තීරණය කරනවා පවුල් පිටින්ම ගිහින් නිවාඩුවක් ගත කරන්න එයාලගේ ළමා කාලයේ සැමරුම් තියෙන ලස්සන ලේක් හවුස් එකක.

දැන් තියෙන ප්‍රශ්නේ තමයි, මේ හැමෝම ‘වැඩිහිටියෝ’ වුණාට, ඇත්තටම එයාලා ‘වැඩීලා’ නැහැ. හැමෝටම තමන්ගේම පවුල් ප්‍රශ්න, විකාර පුරුදු, ළමා කාලයේ තරඟකාරීත්වයන් තියෙනවා. මේ හැමෝම එකතු වුණාම මොන වගේ පිස්සු වැඩ වෙයිද?

එයාලට පුළුවන් වෙයිද ආයෙමත් එයාලගේ අරමුණු එකතු කරගෙන, තමන්ගේ දරුවන්ට සහ පවුල්වලට පෙන්වන්න පුළුවන් වෙයිද, ‘වැඩීම’ කියන්නේ තාමත් විනෝද වෙන්න බැරි එකක් නෙවෙයි කියලා? ඒ ටික තමයි මේ කතාවේ තියෙන්නේ, නිකං බැලුවොත් ආතල් වෙයි!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.