Image Not Found

Capote (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක ඇමරිකානු ලේඛක ටෲමන් කැපෝට් (Truman Capote) ගැන කතාවක්.
1959 දී කෙන්සස් වලදී ගොවි පවුලක් දරුණු විදියට මරා දමනවා. පත්තරෙන් ඒ ගැන කියවන කැපෝට් තීරණය කරනවා මේ ගැන ලිපියක් ලියන්න. ළමා කාලේ යාළුවා වුණු හාපර් ලී (Harper Lee) එක්ක එයා කෙන්සස් වලට යනවා.

නගරවාසීන්ව විශ්වාස කරවලා කතාවට අවශ්‍ය තොරතුරු හොයද්දී, අපරාධකරුවෝ දෙන්නෙක් අත්අඩංගුවට ගන්නවා. මේ අතරින් එක් අපරාධකරුවෙක් වෙන පෙරී ස්මිත් (Perry Smith) එක්ක කැපෝට් විශේෂ සම්බන්ධයක් හදාගන්නවා.

කැපෝට්ගේ අරමුණ ලිපියක් ලියන එකෙන් නවකතාවක් ලියන එකට වෙනස් වෙනවා. මේ නවකතාව තමයි පස්සේ “In Cold Blood” කියලා ප්‍රසිද්ධ වෙන්නේ.

කැපෝට් පෙරීගේ විශ්වාසය දිනාගන්නේ තමන් හොඳ යාළුවෙක් කියලා පෙන්වලා. නීති ආධාර දීලා, මරණ දණ්ඩනය කල් දාන්න උදව් කරන්නේ, එයාට අවශ්‍ය කතාවේ අවසානය, ඒ කියන්නේ පෙරීගේ මරණය, එනකල් විතරයි.

මේ කතාව කැපෝට් ලෝකෙට වීරයෙක් කළත්, මේ සිදුවීම් නිසා එයාගේ ජීවිතේ උඩු යටිකුරු වෙන හැටි, ඔහු මනුස්සකම සහ ඔහුගේ රචනාව වෙනුවෙන් ගෙවන වන්දිය මොකක්ද කියලා ඔයාට මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන්.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.