Image Not Found

The Shift (2023) Sinhala Subtitle | සිංහල උපසිරැසි

‘The Shift’ කියන්නේ සාමාන්‍ය සිනමා අත්දැකීමකට එහා ගියපු සිනමා සිත්තමක්. මෙහි ප්‍රධාන චරිතය තමයි කෙවින් ගානර්. එයාගේ ලෝකය එකපාරටම උඩු යටිකුරු වෙනවා.
දවසක් කෙවින්ට අමුතු බලපෑමක් හරහා වෙනත් මානයකට, ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස්, භයානක විදිහේ අනාගත ලෝකයකට මාරු වෙන්න සිද්ධ වෙනවා.

ඔය විදිහට අළුත් ලෝකයකට වැටුණ කෙවින්ට අභිරහස් පුද්ගලයෙක් හම්බෙනවා. එයා තමයි ‘The Benefactor’ කියන්නේ. මේ පුද්ගලයා, කෙවින්ගේ ජීවිතය හිතාගන්න බැරි විදිහට අවුල් කරනවා.

දැන් කෙවින්ගේ එකම අරමුණ වෙලා තියෙන්නේ ආපහු එයාගේ මුල් ලෝකෙට ගිහින් එයාගේ ආදරණීය බිරිඳ මෝලිව හොයාගන්න එක. හැබැයි මේ ගමන එයා හිතන තරම් ලේසි වෙන්නේ නැහැ.

මේ අමුතු ලෝකය ඇතුලේ, කෙවින්ට එයාගේ ආදරය, විශ්වාසය සහ තීරණ ගැන ලොකු අභියෝග රැසකට මුහුණ දෙන්න වෙනවා. එයාට මේ දුෂ්ට ලෝකෙන් ගැලවිලා, තමන්ගේ ආදරේ වෙනුවෙන් සටන් කරන්න පුළුවන් වෙයිද?

අවසානයේ කෙවින්ට තමන්ගේ ඇත්ත ලෝකෙට ආපහු යන්න ලැබෙයිද? නැත්නම් මේ අළුත් භයානක ලෝකයේ සදහටම අතරමං වෙන්න වෙයිද කියලා දැනගන්නනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා!

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.