Image Not Found

Kal Ho Naa Ho (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක සිදුවෙන්නේ නිව් යෝර්ක් නගරයේ. නයිනා කියන්නේ හැමතිස්සෙම දුකෙන් ඉන්න, හරිම අඳුරු චරිතයක්. එයාගේ පවුලේ ප්‍රශ්න ගොඩක් තියෙනවා.
ඔය අතරේදී තමයි එයාලගේ අසල්වැසියෙක් විදියට අමාන් කියන හරිම ප්‍රබෝධමත්, ආකර්ශනීය තරුණයෙක් එන්නේ.

අමාන් නයිනාගේ ජීවිතයට ඇවිත්, එයාට ලෝකය දිහා වෙන විදියකට බලන්න උගන්වනවා. එයාගේ පවුලේ ප්‍රශ්න විසඳන්න උදව් කරනවා. ටිකෙන් ටික නයිනාගේ අඳුරු ලෝකය එළිය වෙනවා.

අමන් නිසා නයිනා හරිම සතුටින් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ටිකෙන් ටික නයිනාට අමාන් ගැන ආදරයක් ඇති වෙනවා. හැබැයි අමාන් ළඟ හරිම බරපතළ රහසක් තියෙනවා. ඒක නිසා නයිනාගේ ආදරයට එයාට කැමති වෙන්න බෑ.

ඒ වෙනුවට අමාන් හිතන්නේ නයිනාව එයාගේ හොඳම යාළුවා වෙන රෝහිත් එක්ක සම්බන්ධ කරන්න. මොකද එයාට ඕන වෙන්නේ එයාගෙන් පස්සේ නයිනාට සතුටින් ජීවත් වෙන්න කෙනෙක් ඉන්නවා දකින්න.

ඔය අමන්ගේ රහසයි, එයාගේ ඒ අමුතු සැලසුමයි තමයි මේ කතාවේ හැරවුම් ලක්ෂය. ආදරය, යාළුකම, පරිත්‍යාගය කියන හැම දේම මේ කතාවට එකතු වෙලා තියෙනවා.
ඇත්තටම… හෙට දවසක් නැති වෙන්නත් පුළුවන් නේද? ඒ ගැන හිතද්දි තමයි මේ කතාවේ නියම වේදනාව දැනෙන්නේ.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct video download and online viewing
📥 Direct download