Image Not Found

Overdrive (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක ඇන්ඩෲයි, ගැරට්යි කියන සහෝදරයෝ දෙන්නෙක් ගැන යන, ඇක්ෂන් සින් වැඩි චිත්‍රපටයක්. මෙයාලා ඉතින් ජාත්‍යන්තර මට්ටමේ වාහන හොරු. ඒ කියන්නේ, සාමාන්‍ය වාහන නෙවෙයි, මිල අධික, සීමිත සංස්කරණයේ සුපිරිම වාහන තමයි මෙයාලගේ ටාගට් වෙන්නේ.

දවසක් මෙයාලා ප්‍රංශයේදී වටිනා Bugatti එකක් හොරකම් කරනවා. හැබැයි, ඒක අයිති වෙලා තියෙන්නේ Marseillesවල ඉන්න භයානක අපරාධකාරයෙක් වන Jacomo Morierට කියලා මෙයාලා දැනගෙන හිටියේ නැහැ. Morierට අහුවෙනවා කියන්නේ ඉතින් මරණයමයි.

නමුත් මේ සහෝදරයෝ Morierගෙන් බේරෙන්න අමුතුම ඩීල් එකක් දානවා. ඒ තමයි, Morierගේ ප්‍රතිවාදියා වන Max Klemp කියන මහා සිටියාගේ තියෙන, ඊටත් වඩා වටිනා, 1962 Ferrari 250 GTO එකක් දවස් හතක් ඇතුළත හොරකම් කරලා දෙන්නම් කියන එක.
ජීවිතේ බේරගන්න දෙන අවස්ථාවක් නිසා, මෙයාලා ඉක්මනටම කොල්ලය කරන්න කණ්ඩායමක් හදාගන්නවා. හැබැයි, මේ වැඩේ ලේසි වෙන්නේ නැහැ. මේ අතරේ තමයි ඇන්ඩෲගේ පෙම්වතියත් පැහැරගැනීමට ලක්වෙන්නේ.

ඉතින්, මේ සහෝදරයන්ට පුලුවන් වෙයිද මේ අමාරුම කොල්ලය සාර්ථක කරගෙන, පෙම්වතියත් බේරගෙන, තමන්ගේ ජීවිතත් බේරගන්න? මේ ඇක්ෂන් පිරුණු රේස් එකේ අවසානය මොකක් වෙයිද කියලා බලන්න නම් ඔයාට චිත්‍රපටිය බලන්නම වෙනවා.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.