Image Not Found

Scary Stories to Tell in the Dark (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේකයි කතාව. 1968 අවුරුද්දෙ, හැලොවීන් රෑක, ස්ටෙලා කියන කෙල්ලයි එයාගෙ යාළුවො දෙන්නයි (ඔගී, චක්) ටිකක් දඩබ්බර කොල්ලො සෙට් එකකින් බේරිලා දුවනවා. මේ අතරෙ මෙයාලට රමෝන් කියන අලුත් කොල්ලෙක්වත් සෙට් වෙනවා. කොහොමහරි මේ හතර දෙනා නගරයේ තියෙන, කවුරුත් යන්නෙ නැති පරණ, හොල්මන් ගෙදරකට රිංගනවා. මේක තමයි ඉස්සර “බෙලෝස්” පවුල ජීවත් වුණු මන්දිරය.

ඔතනදි ස්ටෙලාට රහස් කාමරයක තිබිලා පරණ පොතක් හම්බවෙනවා. මේක අයිති සාරා බෙලෝස් කියන, ගොඩක් කාලෙකට කලින් මේ ගෙදරම හිර කරලා හිටපු කෙල්ලෙක්ට. කතාව යන්නෙ මෙයා එයාගෙ ලේ වලින් බය හිතෙන කතා ලිව්වා කියලයි.
දැන් තමයි නියම වැඩේ වෙන්නෙ. ස්ටෙලා පොත ගෙදර ගෙනාවට පස්සෙ, අලුත් කතා ඒකෙ තනියෙම ලියවෙන්න පටන් ගන්නවා. වැඩේ කියන්නෙ, මේ කතා ලියවෙන්නෙ ස්ටෙලාගෙ යාළුවො ගැන.

කතාවක් පොතේ ලියවිලා ඉවරවෙනවත් එක්කම, ඒ කතාවෙ ඉන්න බය හිතෙන යක්ෂයෙක්, ඇත්තටම මතු වෙලා ඒ කතාවෙ නම තියෙන කෙනාව අරගෙන යනවා. එක එකාට එක එක විදිහෙ බිහිසුණු දේවල් වෙනවා. ‘හැරල්ඩ්’ කියන බයගුල්ලගෙ කතාව, ‘ජෑන්ග්ලි මෑන්’ගෙ කතාව වගේ දේවල් ඇත්තටම සිද්ධ වෙනවා.

දැන් ඉතුරු වෙලා ඉන්න අයට තේරෙනවා මේ පොත නවත්තන්නෙ නැතුව බේරීමක් නෑ කියලා. එයාලට සිද්ධ වෙනවා සාරා බෙලෝස්ගෙ ඇත්ත කතාව හොයාගෙන, මේ ශාපය නවත්තන්න. නැත්නම් පොතේ ඊළඟ කතාව ලියවෙන්නෙ එයාලා ගැන.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.