Image Not Found

Assault on Precinct 13 (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක වෙන්නෙ අලුත් අවුරුදු දවසක රෑ. ඩෙට්‍රොයිට් නගරයට හොඳටම හිම වැටෙනවා. ජේක් රොනික් කියන්නෙ පොලිස් සැරයන් කෙනෙක්. එයා ඉන්නෙ තව ටික දවසකින් වහලා දාන්න නියමිත පරණ පොලිස් ස්ටේෂන් එකක. එදා රෑ එයාගෙ සේවා මුරය.

මේ අතරෙ, භයානක අපරාධකාරයෙක් වෙන මැරියන් බිෂොප්වත් අරගෙන හිරකරුවන් පිරිසක් ගෙනියන බස් එකක්, මේ හිම කුණාටුව නිසා අතරමං වෙනවා. එයාලට සිද්ධ වෙනවා ආරක්‍ෂාවට ළඟම තියෙන මේ පරණ පොලිසියට එන්න.

ඉතින් මේ පොලිසිය ඇතුළෙ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුයි, හිරකාරයෝ සෙට් එකකුයි හිරවෙලා ඉන්නවා.

එකපාරටම, කවුදෝ නාඳුනන කට්ටියක්, අති නවීන ආයුධ අරගෙන මේ පොලිස් ස්ටේෂන් එකට වටකරලා පහර දෙන්න පටන් ගන්නවා. එයාලට ඕන ඇතුළට ඇවිත් කාටහරි දෙයක් කරන්න.

මුලින්ම හැමෝම හිතන්නෙ මේ ඇවිත් තියෙන්නෙ බිෂොප්ව බේරගන්න ආපු එයාගෙ ගෝලයෝ කියලා.

ඒත් ඇත්ත කතාව ඒක නෙවෙයි. ඇත්ත හේතුව ඊට වඩා ගොඩක් භයානකයි.
දැන් මේ පොලිසිය ඇතුළෙ ඉන්න පොලිස්කාරයින්ටයි, හිරකාරයින්ටයි එකතු වෙන්න සිද්ධ වෙනවා. තමන්ගෙ ජීවිත බේරගන්න නම්, මේ නීතිය ක්‍රියාත්මක කරන අයයි අපරාධකාරයොයි එකිනෙකාව විශ්වාස කරන්න ඕන. එළිවෙනකම් එයාලා මේ ප්‍රහාරයෙන් බේරෙයිද?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.