Image Not Found

Mythica: The Iron Crown (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි

කතාව පටන් ගන්නේ මාර්ගයෙන් බටහිර ලෝකයට මරණය හා විනාශය ගෙන ඒමට සැරසෙන භයානක මන්ත්‍රකාරයෙක් වෙන ස්සෝර්ලොක්ගෙන් (Szorlok) ලෝකය බේරා ගැනීමේ වීරයන්ගේ අභියෝගාත්මක ගමනින්.

මේ ගමනේදී, අපේ තරුණ මායාකාරිය වෙන මැරෙක් (Marek) එයාගේ යාලුවෝ එක්ක එකතු වෙලා, ලොකු බලයක් තියෙන, ඒත් ශාපලත් පුරාවස්තුවක් වෙන ඩාර්ක්ස්පෝර් එකේ (Darkspore) අන්තිම කෑල්ල හොරකම් කරනවා.
එයාගේ එකම අරමුණ වෙන්නේ මේක දෙවියන් ළඟට ගිහින් ආරක්ෂිත තැනක තැන්පත් කරන එක. ඒත්… ඒක ලේසි වෙන්නේ නෑ!

මෙහෙයුම පටන් ගත්තා විතරයි, මැරෙක් සහ එයාගේ කණ්ඩායම නිකාම්ම නිකං මරණයේ තරඟයකට අහුවෙනවා. එක් පැත්තකින් ඉන්නේ කිසිම හිතක් පපුවක් නැති කුලී හේවායන්ගේ කණ්ඩායමක්. අනිත් පැත්තෙන් ඉන්නේ භයානක යක්කු තුන් දෙනෙක්!

මේ හැමෝම එළවගෙන එන්නේ එකම දෙයක් පස්සේ – ඒ තමයි ඩාර්ක්ස්පෝර් එක.
ඉතින්, මේ අවුලෙන් බේරිලා, ඩාර්ක්ස්පෝර් එක දෙවියන් ළඟට ගෙනියන්න මැරෙක්ට පුළුවන් වෙයිද? නැත්නම්, ඇයට මේ හැම අභියෝගයක්ම ජය ගන්න අලුත් බලයක් හෝ තීරණයක් ගන්න සිද්ධ වෙයිද? කතාව බලලාම දැනගමු!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.