Image Not Found

Oculus (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක සහෝදරයෙක් සහ සහෝදරියක් ගැන දිව යන, ඇඟ කිලිපොලා යන කතාවක්. අවුරුදු එකොළහකට පස්සේ ටිම් කියන සහෝදරයා මානසික රෝහලකින් පිටවෙලා එනවා. එයා අවුරුදු දහයක් තිස්සේ විශ්වාස කළේ, එයාලගේ දෙමව්පියන්ගේ මරණවලට වගකියන්න ඕනේ තමන්ගේ අතින් වෙච්ච වැරදිවලට කියලා.

ඒත් එයාගේ අක්කා, කේලී, නම් කිසිසේත්ම ඒක පිළිගන්නේ නෑ. ඇය තරයේ විශ්වාස කරන්නේ, ඒ හැමදේටම පිටුපස ඉන්නේ… පුරාණ කැඩපතක් කියලා.
ඒ කැඩපත එයාගේ පවුලේ අයගේ මනස විකෘති කරලා, හැම විනාශයකටම මුල් වුණා කියලයි කේලී කියන්නේ. ඒකේ බලපෑම නිසා දෙමව්පියන් පිස්සු හැදිලා, අන්තිමේදී එයාලව මරගන්න තැනටම පත්වෙලා තියෙනවා.

දැන් කේලී ඒ කැඩපත ආපහු අරගෙන, එයාලගේ පරණ ගෙදරට ඇවිත්, ඒකේ බලය ඔප්පු කරන්නත්, විනාශ කරන්නත් ලොකු සැලැස්මක් සූදානම් කරලා තියෙනවා.

සැකයෙන් ඉන්න ටිම්ව බලෙන්ම වගේ ගෙන්නගෙන කරන මේ අත්හදාබැලීම පටන් ගත්තට පස්සේ… අතීතයයි, වර්තමානයයි පැටලෙන්න පටන් ගන්නවා. කැඩපත එයාලගේ සිතුවිලි එක්ක සෙල්ලම් කරන්න පටන් ගන්නවා.

ඇත්තටම සිද්ධ වුණේ මොකක්ද? මේක කැඩපතේ වැඩක්ද? නැත්නම් ටිම්ගේ අක්කාවත් පිස්සු වැටිලද?

එතනින් එහාට වෙන දේ… ඔයාටම බලාගන්නයි තියෙන්නේ. ඒක ටිකක් භයානක ගමනක් වෙයි!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.